සුසුමක් මතට බරවුනු
හැගුමන් හිතට වාරු නැතිවුනු
ඇස් ඉදිරිපිට දිග හැරෙන
ජීවිතේ කෙටි පරිච්ඡේද...
වැටි වැටි විදවන හිතට
අත්දැකීම් එක මතින් එක
ගොඩගැහුනු අතීත මතක ටික
සිතුවම් ලෙසින් ඇදෙන විට
බසයෙ අසුන මතට බරවුන ගතට
හුන් තැනද අමතකව ගිය කලට
දෙනෙත බර වුන කදුලු කැට
හොර හොරෙන් පිසදමන කල
සවනත වැටුන ගී පද පෙලක
අරුත තව රිදුම් දෙන
"පොරොන්දුවක් මේක මගේ
වෙනස් නොවන කිසි දාක...
දුරස් උනත් ඔබට හිතේ
තියේවි ඉඩ හැම දාක...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment