දැවුනු පත්ඉරුවක්


කලකදි පිපුණු මල් උයනක් ලෙස පෙනුන
පාලුය අද ඒ බස් නැවතුම මිනිසුන් පිරුන
සිටියෙමි අයා දෙනුවන මග ඔබ යනෙන
වසක් මෙන් දැනුනි තත්පරයද දෑසම රිදෙන

පහුවුන දෙවසරකි ඔබ දෙනයන දුටුව
නිම්හිම් නැත දකිනා තුරු සිතබැදි එ රුව
නොයෙනා බව ඔබ දැනුනි සිටියත් වරුව
සිතුනි කිම් ඔබ මා මග හැර යන්නේ මරුව

සිහිලන වැහිපැන් මා ගත දැවටෙන විටදි
නොසිතුනි හැරයන්න ඔබ යනමග පිට දී
හද තුල එ රුව සේදෙන්න හැකිවෙද මහ වරුසාවේදී
මහවරුසාවද දිය බිදුවකි ගැලු කදුලැලි සසදද්දී

පුර පෝය සද එලිය මට නොමැත දිලුනු
අහස් කුස මෙනැයි ගසන මහ අකුණු
ගෙන හැර දෙන්න නැහැ උපමා ගෙතුනු
හද ඇදි පාලුව ඔබ නැතුව මා ගෙවුනු

නා නා විධ මලින් නම් ඔබ කෙරේ ගෙතුනු
අතීතයම සිනමා පටයක් මෙන් මැවුනු
ඔබ සනසවපු තැන එ බස් නැවතුනු
හසරැලි නැගුනි ලෙස දරුවකු සොලොසක් පිරුනු

මගෙ දෑසම විටින් විට මා රවටන සිතලු
ඔබ එනු දුටිමි දහපහලොස් වර මල මෙන් දොතලු
සිත්විය රැදෙන්නට දිවියම පුරවන් ඒ සිතලු
පුදුමයි මටම කෙලෙසද ඔබ කීවේ මේ හිත රලු ලූ

කාහට වුවද නොහැකිය මෙපෙම උදුරා ගන්ට
කවුරුන් කෙලෙස කීවද සිත ඔබ හැරයන්ට
දවසද දෙකද වසරද ඇවිදින් මෙතනින් ඉන්ට
නැහැ මට වෙහෙස ඉන්නෙමි ඔබ දැකගන්ට

නැහැ එසුරගන රුව අද නම් මා නෙත ගැටුනු
තව හිද පලක් නැත අද මෙ බස් නැවතුනු
ආවොත් හෙට දිනක් මගෙ නෙත් විවර වුනු
එමි පෙර ලෙසින් රැගෙන මසිත පෙම බර වුනු

No comments:

Post a Comment

සුරුවම බ්ලොග් අඩවියේ ඇති පල කිරීම් සංස්කරණය කිරීම හෝ වාණිජ පරමාර්ථයන් මත යොදා ගැනීමෙන් වළකින්න. මෙහි ඇති සටහන් සමාජයේ දැනුවත්භාවය වෙනුවෙන් හෝ රසවින්දනය වෙනුවෙන්, වෙන යම් ස්ථාන වල පල කරන්නේ නම්, සුරුවමේ වෙබ් ලිපිනයද සඳහන් කර අපට සහායවන්න.