සංසාරෙන් එතෙරවෙන්න අදිටන් මා හිතේ දරා
යන්නට අවැසිය නැත කිසිවක් මා හිතින් දරා
හිරවුනු මගෙ හදවත බලපන් නුබ එබී බලා
බැරිම දෙයයි මට යන්නට මගෙ අම්මයි නුබයි දමා..
ආපු කාරනේ මෙලොවට දැන් අවසන් වෙතයි
එනමුදු යන්නෙ කොහොමද නුබ මගෙ පණ මෙනැයි
එකම සතුට කොට උබ හද සිතුවම් මවයි
නැත්තෙත් උබමයි මට මේ ජීවිතෙ අරුත් කිමැයි..
පාප කරුම ගෙව්වා මම හැම දේම නිමයි
විදින්න තිබු ජීවිතේම විදවෙව්වේ පෙමයි
එනමුත් හැමදාකම උබ මාගේ පණයි
බලා ගනිමි නුබ ආ කල මගේ දෑස සමයි..
බැහැ යන්න හැමදේ අතහැර මට සසුන කරා
නියම අරුත නැත එහි කලකිරුම අරා
තේරුම දැන හැරයාමේ සසරක තතුම විනා
සසුනට වරදන්න බැරිය මට වැරදුනු නියා..
යන්නට හිදින්නට බැහැ එක සිත් ඉන්ට
පැතිරෙන හද ගින්න බැහැ ඉවසා ගන්ට
එනමුදු තාම මගෙ පණ ටික රැක ගන්ට
හේතුව එකම මගෙ රට දැය රැක ගන්ට...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment