වැලි කෙලියෙ නැති උනත් තෙමසකින් උබ උන්න
තේරුනා මිනිහෙකි වැටුන විට ලග ඉන්න
කලකදී අතහැරපු පන්හිදය අත රදවන්න
උබ තමයි දිරි දුන්නෙ එහෙමත් උන් නැත උන්න..
අහම්බෙන් නොවේ උබ මා හමුවූයේ
සංසාරෙ පුරා උබ මගෙ සොයුරෙක් වූයේ
ඉරනම වෙනස් කරවන්නට නැහැ වූයේ
මගෙ පසුවට තවඑකෙකුමය මා නම් සෙවුයේ..
කතාවට වැටුනාම මා දන්නා දෙය මෙන්ම
රට දැය ගැනම මා දුන් වදන් ලේ රත් වෙන්න
ලගදිම දවසකදි මා මැරුනම ගන්න
ඒටික තියලා තියපන් බන් එලියට ගන්න..
බිදිල තියෙන මගෙ හිත හදන්නට
උබ හිටියා බන් මගෙ දුක අහගෙන ඉන්ට
කලගුන සලකන්න වෙන විදියක් නැත සිහිඑන්ට
සුරුවම ඉඩවෙන් කලෙමි වදනක් උබ ගැන දෙන්ට..
උබමයි හැදුවෙ සුරුවම මගෙ කවි සිතුවම් කල එලි වෙන්න..
හැරලා තිබුනෙ මා ඒ හැම යටපත් වෙන්න
කීවම ඊයෙ සිතුවම් නගපන් හිත හිත උන්න
උබගැන ලිව්වෙ බන් සිතුවම එක්කල දෙන්න ..
හෝරා දෙක තුනයි බන් තව එලිවෙන්න
උබ ගැන ලියලා බෑ බන් අද අවසන් වන්න
හිතට ගනින් මගෙ හීනය කවදා හරි ඉටුවෙන්න
රට දැය සසුන රැකපන් වගෙ දිවි දෙන්න..
බය නැති වෙයන් ලෝකෙට උබ හැප්පෙන්න
අයියා ඉන්නවා පස්සෙන් උබ රැකගන්න
මැරුනම මගේ මලකද බලලා යන්න
තිබුනොත් වෙලාවක් ගුණකථනත් කර යන්න..
අහවර කලෙමි මගෙ යුතුකම් ලෝකයට
උබ ඉන්නවනෙ කවදාහරි මගෙ තැන් ගන්ට
නිවන දුටුවොතින් මාවත් මතකෙට ගන්ට
උබමයි මගෙ සොයුර බන් එක ලේ නැති උනාට
No comments:
Post a Comment