come come බූරූ

 


80 - 90 දශක තුල මෙය නොඇසූ කෙනෙක් නොමැති තරම්.


දැනටත් ඔබට මෙය අසන විට මුවගට සිනහවක් නැගෙනු ඇත.


ගොඩක් දෙනෙකුට මෙය විහිලුවක් මෙන් පෙනේ.කුඩා දරුවනට විනෝදජනක ක්‍රීඩාවකි.


ඇත්තටම මෙහි අරුත සිතා බැලුවාද? 


Come Come බූරූ

Si signor

මම කියන දේ අහනවද?

ඔව්

එහෙනම් දුවලා දුවලා ගිහින්  (වැඩක් කියයි )


come come බූරු යනු සරලව ගත් කල වරෙන් වරෙන් බූරුවා යන්නය.


si signor යන්න සිංහලෙන් කට වහරට සිං සිං නෝරු ලෙස පවසයි. 


මෙය පෘතුගීසි භාශාවෙ කොටසකි.එය එහෙමයි මහත්තයා ලෙස දැක්විය හැක


මම කියන දේ අහනවද? ඔව්


එහෙනම් දුවලා දුවලා ගිහින්  (වැඩක් කියයි )


මේ සියල්ල එක් කොට ගත් කල වැඩකරුවෙක්ට වැඩක් පවරන්නාක් මෙන් යැයි ඔබට ඒත්තු යනු ඇත. 


සැබවින්ම මෙහි ඇත්තේ එවන් අරුතකි.


වරෙන් වරෙන් බූරුවා යැයි මේ අමතන්නේ අපගේ සිංහලයාටය. එකල අප උන්ගේ වැඩකරුවන්ය. නොහොත් සේවකයන්ය.


දැන් ඔබට මෙය ඇසුවාම සිනාවක් නැගෙන්නේද? එසේ නම් ඔබගේ ලේ වල ප්‍රශ්නයකි.ඔබ සිංහලයෙක් නොවේ.


මෙය කෙලෙස වහරට ආවාදැයි නොදනිම්.ඔබ කුඩා කල සෙල්ලම් කොට ඇත්තේද මේ සිංහලයාගේ දීන කම සමගය.


අදටද වෙනසක් නැත.නමුත් අප දරුවන්ට දිය යුත්තේ එයද?


 ඔබෙන් පසුවද සිංහලයා දීන ජාතියක් ලෙස අරුතක් සමාජගත කිරීමද?


අවුරුදු 500-600කට මෙපිට කල්හි විසූ සිංහල යැයි කියාගත් පිටකොදු බිදුනු සුලුතරයක් නිසා මුලු මහත් ජාතියක්ම නිගාවට ලක්විය යුත්තේද? 


සුද්දන් වගේම ඉන්දීය වැද්දන් සතුන් පසුපස එලවද්දී මුලු ලෝකයේම දියුණු තාක්ශණයක් අපිට විය. 


ඒ පිලිබදවද සාකච්ඡාවක් මතු කරලීමේ බලපොරොත්තුවක් ඇත.


මෙය සංශිප්තව ඔබගේ අවධානය යොමු කරලීමකි.බොහොමයක් අය මේවා පම්පෝරි ලෙස ඉවත හෙලති.


මතක තබාගන්න.


පම්පෝරි ගැසීමට අවැසිනම් අපට තරම් දේවල් වෙන ජාතින්ටද නැත.


මගේ පරමාර්ථය රැල්ලක් ඇතිකරවීමක් නොව.


මේ සිංහල බුද්ධ ද්වීපය තුල සිංහලයා කවුද යන්න ඒත්තු ගැන්වීමය.


තමන්ට බැරිනම් තමන්ගෙ දරුවෙකුට හරි ජාත්‍යාලය ඇතිකරවන්න.


මුලින්ම සදහන් කල වාක්‍ය ඛණ්ඩයේ මෙන් දීන සිංහල සුලුතරය තවත් සිටිය යුතු නැත.


ඉහත මම අසන ලද ප්‍රශ්න ඔබෙන්ම අසාගන්න.


ගල්මුල් ගැසුවාට කමක් නැත.


තමන්ගේ සිතින්ම විමසා බලන්න.


බුදුන් වහන්සේ දේශනා කල පරිදි සෑම දේම එව බලව විමසව.


තෙරුවන් සරණයි.



Photo Credits - ප්‍රසන්න වීරක්කොඩි මහතා

No comments:

Post a Comment

සුරුවම බ්ලොග් අඩවියේ ඇති පල කිරීම් සංස්කරණය කිරීම හෝ වාණිජ පරමාර්ථයන් මත යොදා ගැනීමෙන් වළකින්න. මෙහි ඇති සටහන් සමාජයේ දැනුවත්භාවය වෙනුවෙන් හෝ රසවින්දනය වෙනුවෙන්, වෙන යම් ස්ථාන වල පල කරන්නේ නම්, සුරුවමේ වෙබ් ලිපිනයද සඳහන් කර අපට සහායවන්න.