සියල් හැර යන්න අදිටන් කරන්
කලකිරීම බිදි මුලු හිත පුරවන්
ගියේ අපෙ ලොකු හාමුදුරුවන්ගෙ
දෙපාමුලට මා වැදවැටෙමින්
සූදානම් මා අතහරින්න හැමදේ
දැන්නම් මට එපාය ගිහි ගේ
සිදත්ත කුමරුන් හැරගියාය වාගේ
ඉඩදෙන්න මට බුදු සාසනේ
එපා උනාම මෙහෙ විත් ලැගගන්නට
අම්බලමක්ද බොල බුදු සාසනෙ
සිදත්ත කුමරුට හැරයන්නට
කලකිරුමක් නොව හේතුව උනේ
උන්නාන්සෙ තේරුම් ගත්තා ජීවිතෙ
ඒකයි ගිහිගෙන් නික්මුනේ
එහෙයි හාමුදුරුවනේ මට
සාසනෙ තාමත් අයිතිය නැතේ
හැරයාම ගැන අරුතක් සිතබැදි කල
එදාට සාසනෙ උබටයි පුතේ
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment