කවුරුත් නොහිතන තවත් ඔබලා අසා ඇති දෙයක් ගැන මම කතා කරන්න සිතුවෙමි.මේ ලිපියේ මාතෘකාව ඔබ මින් පෙර අසා ඇතුවාට සැකයක් නැහැ.ඇත්තටම මේකේ තේරුම ගැන ඔබ කවදාවත් සිතුවාද?
සිතන්නට ඇති...නමුත් සිංහලයා බඩජාරි ජාතියක් ඒ නිසා මෙහෙම කියන්නට ඇති කියල ස්වයං නිර්නයකට එන්නට ඇත.
නොදන්නා කමට එහෙම හිතුවාට කම් නැත.එහෙත් තවදුරටත් සිංහලයා ගැන කියවෙන බොහොමයක් දෑ ගැන මසැසින් දකිනවාට වඩා මනසින් දකින්නට බොහොමයක් දෑ ඇති බව ඔබ වටහා ගත යුතුව ඇත.
කැවුම් යනු හෙල සිංහලයාගේ ආහාරයකි. මගුලට නොවරදවාම කෑම මේසයට කැවුම් ඇතුලත් වේ.සිංහලයාට මගුල යනු ඔබ අප නිරන්තරයෙන් භාවිත කරන දීගයකට පමනක් යෙදෙන්නක් නොවේ. සිංහලයාගෙ සියලුම උත්සව පාහේ මගුල් ලෙස නම්වේ.
වප්මගුල,කොටහලු මගුල,අලුත් සහල් මගුල ආදී ලෙස පොදු නාමයකට එය යෙදේ.අවමගුලද එලෙස යෙදුනද කැවුම් ආදිය සුභ කටයුතු සදහා යෙදේ.මෙය සිංහලයාගේ කෑම මේසය ගැන කීමට මා අවස්ථාවක් කොට නොගනිමි.සාරාංශගත පැහැදිලි කිරීමක් පමණක් කලෙමි.
දැන් අපි මෙහි මාතෘකාව දෙස නැවතත් හැරී බලමු. සැබැවින්ම මෙය සිංහලයා හැම මගුලටම කැවුම් කෑමක් ගැනද විග්රහ වන්නේ? පරයෙක් ලෙස සිතුවොත් පිලිතුර ඔව් යන්නය. මන්දයත් පරයින් විසින් අප සිංහලයා සරදමට පත් කිරීමට මෙය නිතර යොදාගත් හ. මෙයට හේතු ප්‍රත්‍ය වූ ප්‍රධාන කරුණ නම් එකල සිංහලයා යුද්ධයට යාමේදීද කැවුමක් ඉනේ ගසාගෙන යාමය. මෙය එකල ප්රරදේසක්කාරයින් සිතුවේ මුන්ගේ බඩජාරිකම කියාය.අද ද යුද්ධයට යන සොල්දාදුවන් යම් කිසි කෙටි කෑමක් තමන් සන්තක කොට ගෙනයති.ඒ හදිසියට ඇතිවන කුසගින්නක් නිවාගැනීමටය.එහෙත් එකල අපේ උන් කැවුමක් ඉනෙහි රුවාගෙන යාමේ එකම පරමාර්ථය එයම නොවීය.මෙය වෛද්‍ය විද්‍යාත්මකවද අද ඔප්පු වූ කරුණකි. එනම් කැවුම් තරමක් කල් තබාගතහැකි ආහාරයකි. එලෙස දින කීපයක් ගතවූ කල්හි කැවුමක රසායනික සංයුතිය මගින් තුවාල සුවකරන රසායනික සංයෝගයක් නිපදවෙනු ලබයි.මෙය පෙනිසිලින් නම් ඖෂධයට බෙහෙවින් සමානකම් දක්වයි. අද පර දේසක්කාරයින්ගේ මහා ලොකු ඖෂධවේදීන් මේවා සොයාගත්තයැයි පම්පෝරි ගැසුවද තොපේ මගේ මුතුන් මිත්තන් එහි කර්තව්‍යයන් මැනවින් හදුනාගත්තවුන් විය.
එය අපේ උන් හදිසි බෙහෙතක් ලෙස තුවාලවලට තාවකාලික බෙහෙතක් ලෙස යොදගත්තේ මහා දියුණු යැයි කියාගන්නා පරයින් ශිෂ්ඨාචාරගත වීමට පෙර සිටමය. සැකයක් වීනම් හරි හැටි සොයා බැලුවාට කම් නැත.හොයා බැලීමට කාලයක් හෝ හැකියාවක් නැතිනම් මුගේ බොරු යැයි මට දෝෂාරෝපණ එල්ල කලාටද කම් නැත.පරයන් මෝඩයන් ලෙස පහත්කල අපේ සිංහලයා ඇත්තටම මෝඩයන්දැයි මොලයක් ඇතිඋන් සිතා බලනු. අප මහා ගුරුවරයින් වහන්සේ බුදුරදුන්ගේ දේශනාව වූයේද එව බලව විමසව යන්නය.තමන්ම සොයාබලා නිගමන වලට එලබීම විනා කිසිත් නොසොයා බැහැර කිරීම හෝ දැනටත් තොප කරන්නාක් මෙන් පරයන් කියූ හැම ඉලව්වම කරපින්නා ගැනීම දැන්වත් නවතා දැමීම යෙහෙකි. දැනුම වනාහී කිසිවෙකුට තනි අයිතියක් ඇති දෙයක් නොවේ. අදවන විට වානිජමය පරමාර්ථ යටතේ හැමදෙයක්ම ප්‍රචාරය වනු දක්නටහැක. අවැසි උන් මෙහි අරුත් විකෘති නොකර ගතයුත්ත ගත්තාට කම් නැත. හුදෙක් මගේ පරමාර්ථය සිංහලයා යනු කවුදැයි අපේ උන්ටම තේරුම් කරදීම පමණකි.
වෙන කිසි ජාතියක් කර නොගන්නා තම ජාතිය ස්වගැරහුමට ලක් නොකර සිටීමටවත් පුරුදුවන්න.අඩු තරමේ එයවත් මෙ ජාතියේ පැවත්මට රුකුලක්වනු ඇත.තවත් ලිපියකින් හමුවෙමු.
උබලාට තෙරුවන් සරණයි!
ජයවේවා !
ReplyDeleteබොහෝම ස්තුතියි යාලුවා ඔබේ අගය කිරීම් ගොඩක් වටිනවා
Delete