නොයෙන බව දැනුනාට දසදහස් වාරයක්..
උබයි ජීවිතේ කියා එකවරක් දැනුනාම..
හැමදේම එපාඋන මගේ හිතට මල් වැස්සක්
වැස්සා වගේ නැවුම් සුවද තව නැගෙයි එමට
රැදිලා උන් සුවදැති මුලු හද පුරාම
මතක සුවද ගත පුරාම ඉපිලූ සිනාවම
ඉනික්බිති නුබ ගිය හිත වෙලුනු කිඩාරම
අදුරුවුව සුවද විය තනිවුනු හදවතම
ගතට තනිකම හැකිය මට මකාගන්නට..
හිතට උනු පාලුවනම් බැහැ තවමත් මකන්නට
උබෙ සිනාවක් හැබහින් දැක හද සනසවන්නට
පින් ඇතිවෙද මගෙ නෙත් දෙක හට. ..
No comments:
Post a Comment