ශේෂ වූ හිත

3.10 AM ,Monday, September 29, 2020

රැදි කොහෙද සිනා කැන් නුබ නැති රෑට
රිදවන්නෙ මතකයන් හදවත තව ගැබුරට
උණුහුමට ලංකර ඔබ කීව ඒ පෙම් පද
දුන් මිහිරි සුව නෑ එදා දැනුන තරමට
නබෝගැබ දෙස බලන් අඩවන් නෙතු අගට
ශේෂ උනු බිදුනු හිත හදනවා හිතුවට
කොහෙ හදන්නද බිදුනු කැඩපත් එක්කොට
හද රවටන්න නුබ තව උන් හා සැරසී
උසුලුවකට ගෙන විශ්වාසය කඩලා යද්දී
අදහන්නට බෑ රගපෑම මතකෙට එද්දී
මගෙ රළු හදත් නුබ බිදලා ඒ වෙද්දී
දැනුනා ගැබුරටම හද රිදුමන් දෙද්දී
කම් නැහැ තේරෙයි මං ඈතට වෙද්දී
මතුපිට හසරැල් පුරවන් වගේ එදාම
ඉන්නෙම් ලෝකෙට නුබ සගවන් හැමදාම
එදා පෙම්කල තරමටම මම රෑට
අපුලය දැන් තනිකම පිරුනු අදුර මට
හිතටත් වැඩක් නැත තව නුබ ගැන සිතනු හැර
නින්ද නෑ මට හෙටත් නැගෙන තුරු දිනකර

No comments:

Post a Comment

සුරුවම බ්ලොග් අඩවියේ ඇති පල කිරීම් සංස්කරණය කිරීම හෝ වාණිජ පරමාර්ථයන් මත යොදා ගැනීමෙන් වළකින්න. මෙහි ඇති සටහන් සමාජයේ දැනුවත්භාවය වෙනුවෙන් හෝ රසවින්දනය වෙනුවෙන්, වෙන යම් ස්ථාන වල පල කරන්නේ නම්, සුරුවමේ වෙබ් ලිපිනයද සඳහන් කර අපට සහායවන්න.