හීන

රට පුරා ඇවිදින්න ආස මම නුබ එක්ක
හීන තිබුනා එමට හදවතම ස්පර්ශ කල
ඉඩෝරය පැමින මගෙ සිහින බිදුනු කල
ආස නැති වුව මැණික සිදුවුනා තනිවෙන්න
පලක් වෙද දෙදනාම දෙපසකට වී තැවුනු
එනකල් බලන් ඉන්නෙ දැඩි කරන් හිත නැවුනු
ආ විගස මගෙ ලගට යමු තෙල් මල් අරන්
උන බාර රටවටේ දෙයියොත් ඇති මග බලන්
කල පව් ඇතොත් ගෙවිලාම යන්නට විගහට
පුදකල මගෙ දිවිය අයිති දැන් මහා සෑ රදුන්හට
දෑඅවුරුදු විරහව ඇතිය මට විදවන්ට
වස්සාන සෘතුව ගෙන එන්න හැමදාටම ඉන්න

No comments:

Post a Comment

සුරුවම බ්ලොග් අඩවියේ ඇති පල කිරීම් සංස්කරණය කිරීම හෝ වාණිජ පරමාර්ථයන් මත යොදා ගැනීමෙන් වළකින්න. මෙහි ඇති සටහන් සමාජයේ දැනුවත්භාවය වෙනුවෙන් හෝ රසවින්දනය වෙනුවෙන්, වෙන යම් ස්ථාන වල පල කරන්නේ නම්, සුරුවමේ වෙබ් ලිපිනයද සඳහන් කර අපට සහායවන්න.