මහියංගනය
ගෝතම මහ මුණි පලමුව ලක සිරිපා රැන්දූ
යක්ක ගැටුම් නැති කොට බුදු බලයට බැන්දූ
බුදු හිමිගෙ කේශ ධාතු තැන්පත් කොට සෑදූ
සාදු සාදු මහියංගන සෑ රද වදිනෙමි මම සාදු
නාගදීපය
ගෝතම අපෙ මුණි බුදු වී පස් වස පසු කැන්දූ
දෙවන පාද ස්පර්ශ උතුරේ ලක තුල රැන්දු
නාග පිරිස සිරිපා සටහන් වට කොට සෑදූ
සාදු සාදු නාගදීප සෑ රද වදිනෙමි මම සාදූ
කැලණිය
මණිඅක්ඛිත නා රජු ඇරයුම් පිලිගෙන අපෙ මුණිදු
බුදු බව ලැබ අටවන වෙසගේ දින සිරිපා රැන්දූ
දහම් දෙසූ මිණි සිහසුන නිධනින් සෑදූ
සාදු සාදු කැලණිය සෑ රද වදිනෙමි මම සාදූ
ශ්‍රී පාදස්ථානය
සුමන සමන් දෙව් ඇරයුම් කොට කැන්දූ
සිරිපා සලකුණු සමනොල කදු මත රැන්දු
දෙව් මිනිසුන් බුදු හිමි මෙන් වැන්දූ
සමනොල අපෙ මුණි සිරිපා වදිනෙමි මම සාදු
දිවා ගුහාව
සමනොල ගිරි ගමනින් වෙහෙසට බුදු සමිදු
දිවා ගුහාවට වැඩ සිරිපා කමලත රැන්දු
දෙව් ලොව දෙවියන් රහසින් පැදකුණු කොට වැන්දූ
දිවා ගුහා සිරි පා සටහන් වදිනෙමි මම සාදු
දීඝවාපිය
දිවාගුහාවෙන් පසුවට වැඩි බුදු සමිදු
සමවත් සුවයෙන් බුදු හිමි වැඩ හින් දු
ආසන වටකොට වෙහෙරක් සෑදූ
දීඝවාපි සෑ රද වදිනෙමි සාදු
මුතියංගනය
දීඝවාපි පසු කොට අපෙ බුදු සමිදු
මුතියංගන පෙදෙසට වැඩි සමිදු
වැඩහුන් ආසන වටකොට බැන්දූ
මුතියංගන සෑ වදිනෙමි සාදු
තිස්සමහාරාම වෙහෙර
බුදු පා කමලත ලක් දෙරණත රැන්දු
පුන්සද වන් ලලාට ධාතුන් නිදනින් සැදූ
රුහුණට මහ සෑ මෙන් නම රැන්දූ
තිස්ස සෑ රද මම වදිනෙමි සාදු
ශ්‍රී මහා බෝධිය
බුදු වෙන්නට පිට දුන් අපෙ බුදු සමිදු
බෝධි පලමු අංකුර ගෙන සගමිත් තෙරණිදු
මහමෙව්නාවේ රෝපිත බෝ රදු
සාදු සාදු වදිනෙම් මම සිරිමහ බෝ රදු
මිරිසවැටිය
සග සතු නොකලම ගාමණි කුමරුන් වැලදූ
මිරිස වැටිය සිහිවී මහ සසුනට පිදූ
පෙර වූ සපථය කඩ වුව කමා ලද්දූ
මිරිසවැටිය සෑ වදිනෙමි මම සාදූ
රුවන්වැලිසෑය
අති උත්තම මහ සෑ නම රැන්දු
ද්‍රොණයක් බුද්ධ ධාතු නිදනින් සෑදූ
ලොවටම බුදු රැස් බල විහිදූ
රන්මැලි මහ සෑ වදිනෙමි සාදූ
ථූපාරාමය
දෙවනපෑතිස් නිරිදුන් බුදු සසුනට පිදූ
මිහිදු හිමිගෙ අනුශාසන මත සෑදූ
බුදු හිමිගෙ දකුණු අකු ධාතු නිදනින් සෑදූ
ථූපාරාම සෑ රදු වදිනෙමි සාදූ
අභයගිරිය
උත්තර මහ සෑ ලෙස නම රැන්දූ
වලගම්බා රජු කරවා සසුනට පිදූ
ගිරි නිගන්ඨ ආරාමය තිබු තැන්හි සෑදූ
අහයගිරි සෑ රදු වදිනෙමි සාදු
ජේතවනාරාමය
ලොවටම විශාල සෑ ලෙස නම් පිදූ
මහසෙන් නිරිදුන් කරවා සසුනට පිදූ
බුදු හිමි පටී ධාතු නිදනින් සෑදූ
ජේතවන සෑ රදු වදිනෙමි මම සාදූ
සේල චෛත්‍ය
කූටකණ්ණතිස් මහ රජ තෙම සෑදූ
වටදාගෙයකින් වට කොට සෑදූ
මිහින්තලාවේ වැඩ සිටිනා සෑ රදු
මම නමදිම් උත්තම සේල සෑ රදු
කිරි වෙහෙර
කිහිරි වනය මැද සෑදුනු සෑ රදු
අෂ්ඨ ඵල මහ බෝධි සිහිලස ලදු
මංගල මහ සෑ නම් ලද සෑ රදු
මම නමදිමි කිරිවෙහෙර මහ සෑ රදු
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment