සිතුවම

නුබේ සියුමැලි මුව කමල
සිත්තම් කල මගේ රළු අත්ල මත
රදවාන මා ඇදි නුබෙ සිතුවම
දෑස අල්වා බලා සිටිමි මම
සේයා රූ කොතෙකුත් ඇත්ද
එහෙත් එහි නුබ නැතිය
මගේ සිතුවම තුලම
නුබව මම හැබැහින් දකිමි
හැබෑ දෙනෙතට නොදුට නුබ
හැමදාම හිතේ ඉන්න
තවතවත් නුබව මම
සිතුවම් කරමි හිත තුලම
ආයෙත් නොයෙන්නටම
නුබ යන්න නුබෙ ගමන
ඇදි සිතුවමත් සමග
මං ඉන්නවා හැමදාම

No comments:

Post a Comment

සුරුවම බ්ලොග් අඩවියේ ඇති පල කිරීම් සංස්කරණය කිරීම හෝ වාණිජ පරමාර්ථයන් මත යොදා ගැනීමෙන් වළකින්න. මෙහි ඇති සටහන් සමාජයේ දැනුවත්භාවය වෙනුවෙන් හෝ රසවින්දනය වෙනුවෙන්, වෙන යම් ස්ථාන වල පල කරන්නේ නම්, සුරුවමේ වෙබ් ලිපිනයද සඳහන් කර අපට සහායවන්න.