හැම දෙනා හැර යද්දී
හැමෝම බෑ කියද්දී
හීනයක් තිබුනා හිත කොනක...
වැටෙන්නට දහසකුත් හේතු තිබුනත්
අම්මා උන්නා හැමදාකම ලගින්
සම වෙමින් හෙවනැල්ලට...
වැටුන හැමතැනකදිම
හිනා උනා මං මටම...
තැලෙන යකඩයක පන්නරය
මුවහත හැදුනු දෙකොනත
කැපෙනු මිස එන බාධාව
අතීතය කරමතට නොගෙන
යනු මිසක දිගු ගමන
වෙහෙස වී නවතින්නට
හිතක් නැත තවම...
හිතට දහිරිය අරන්
තනිව යමි මගෙ ගමන
දැන් ඇති කියා හිතෙනකම්..

No comments:
Post a Comment