ජීවිත කතන්දරේ


උදේ සිට මැදියමට
තිරය ඉදිරිපිට දිගහැරෙන
ජීවිතේ කතන්දරේ...
විඩාව දැනුනාට
නෑ ඉඩක් නිවන්නට
හැල්මෙ දුවනා වැඩ
ජීවිතේම හිරවෙලා
හදිසියේ ලද මොහොත
ලියවුනා තෙරපුනු හිතම
පීඩිත ඇගිලිතුඩු අගින්
පහු උනොත් වැඩ කන්ද
අවලාද මහ මෙර උසට
හීන ටික පහුවෙන්න
පෙර කොහොමහරි දරාන
දුවන ජීවිත කතන්දරේ...

No comments:

Post a Comment

සුරුවම බ්ලොග් අඩවියේ ඇති පල කිරීම් සංස්කරණය කිරීම හෝ වාණිජ පරමාර්ථයන් මත යොදා ගැනීමෙන් වළකින්න. මෙහි ඇති සටහන් සමාජයේ දැනුවත්භාවය වෙනුවෙන් හෝ රසවින්දනය වෙනුවෙන්, වෙන යම් ස්ථාන වල පල කරන්නේ නම්, සුරුවමේ වෙබ් ලිපිනයද සඳහන් කර අපට සහායවන්න.