සිද්ද සිරිලක මනුසතා දැන් නැත
සද්ද වදනට පමණි උන් මන උසස්
ලද්ද පමණට මුවට ගෙරිමස
නැද්ද වෙන නම් මහ රසක්
මද්ද බැද අල්ලවා ගන්නට
නැද්ද තව අවිහිංසක සතෙක්
හද්ද දුක විදගන්න මං අපායක්
නැද්ද තව පවට ලැජ්ජා බයක්
ලද්ද වර බුදු සසුන කල උප්පත්තියක්
සුද්ද කොට පව් අනේ රැකපන්
බුද්ද සාසනෙ පණ යට කරන්
සද්ද කොට මහ පිරිත් දෙසගෙන
සිද්ද පිලිවෙත් සපුරවන්
සුද්ද කොට හිත් අනේ රැකපන්
සිද්ද සිරිලක හෙල බුදු සාසනේ...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment