කවිය වුනු එලිවැට නැති
පද පෙලට අරුතක් නැති
දිවිය යන මං පෙත නැති
කැඩුනු හිත පමණක් ඇති
පෙර ලෙසම සුවදත් ඇති
එනමුදු නුබ මගේ ලග නැති
මතක තව හිත රැදි
සිතුවමට මං ඇදි
කුරුටු ගෑ හිස් කොලයකි
පවසන්න දහසකුත් දේ ඇති
පන්හිදට මගෙ අත්ල දී
බලාසිටියෙම් සිත යන හැටි
දැස මගෙ බර වුනු
ලෝකයට නොපෙනුනු
එනමුදු හද තුලම වියැකුනු
කුසුම ඇත තව නොමියැනු
එනමුදු බරවු නෙතු ඇරන්
හිදිම් නුබෙ රූ හැබැහින්
දකින තුරු පිපි කුසුමක් ලෙසින්
යලි ලියන දිවි කවි පද පෙලින්
අරුත් බර එලිවැට ලෙසින්...
No comments:
Post a Comment