බුදු පිරිණිවන මනැසින්

 


හිමිදිරි අරුණ නැත වුනි පෙරමෙන් ආලෝකේ
වෙනදා පිපුනු මල් අද නැති සුවදැති ලෝකේ
දන්නා මෙන් දැනෙයි නිවෙනා බව බුදු ආලෝකේ
සොබාදම් පවා වැලපෙත් නැතිවන කල ලෝ තිලකේ

පස්මහ බැලුම් මගෙ බුදු හිමි බැලුවාට
කිම හිමියනි අදිටන් අද ගැන නොදෙසන්ට
අනද හිමිට දුන් ඉඩ මරු උගුලට හසුවන්ට
වැසුනා මගහසර හිමි හට තව වැඩ ඉන්ට

දිව රෑ නැතිව දන දුක් සසරෙන් මුදවන්න
වෙහෙසුනු හිමි සැතප උනි මධ්‍යයක සල් උයන
දෙතිසක් පුරුශ ලකුණින් සිරුරත රැස් විහිදෙන්න
හෝරා කිහිපයකි ඇත්තේ ලොවටම නවතින්න

බැරිවුනු තවම හිමි සිරිපා කමල වැදගන්න
මල් විත් තරගෙට හිමිගෙ සිරිපා නමදින්න
පන්සාලිස් වසක් සක්මන් මගටම ගෙවුන
සිරිපා කමල සිප සනසන්නක් වැන්න

දෙව්බඹු මිනිස් කැල වැල නොකැඩී ඇදුනු
බුදුහිමි නැමද පසෙකට වී කදුලෙන් උන්නු
මෙතුවට දස අතකම සල් මල් පිරුණු
විසිතුරු උයන විය අද දුක් කදුලින් පිරුණු

රෝ වේදනා මගෙ බුදු හිමි සිරුරත ඇදුනු
නැත මගෙ හිමි කිසිවිට මායිම් කෙරුනු
බුදු ශක්තියෙන් මදකට යටපත් කෙරුනු
ඒ මොහොතට ද බුදු බණ මුව කමලින් දෙසුණු

රැස්වුනු පිරිස නොකියා මග හැරියාවත් ද
කීවද හිමිගෙ අවසන් තීරණ ගෙන ඇත්ද
මට බුදුහිමි ලගට යන්නට ඉඩ නැත්ද
ඉඩලදොත් අසමි හිමියනි තව ඉන්නට බැරිද

ලොවටම අසමසම වූ අති උත්තම මගෙ බුදු හිමියන්
මරණය හැමට පොදු බව පෙන්වා ඇති සැටියෙන්
පියවුණි නේත්‍රා යුග පැතිරුණු ආලෝකය නිවමින්
දෙසු මහ උතුම් දම් කද අපවෙත ඉතිරිව තබමින්

කවියට පද බදින මගෙ අත වෙව්ලන්න
දැසම නොදැනීම වුනි කදුලින් තෙත්වෙන්න
මහ ගුණ කදට ගරුබුහුමන් දී එන්න
එදා මා ගියානම් වන්නේ ලය පැලි මියයන්න

මහ කරුණා ගුණය මෙතෙකැයි කියලන්න
දන්නා පද මදි හිමියනි මට පබදින්න
ඇරඹුවොතින් හිමියනි ඔබෙ ගුණ ගැන වයන්න
දිවි මහ හුගක් ඕනෑ වෙයි කියවන්න

අසංක කල්ප ලක්ශය පෙරුමන් පුරපූ
හිමි දැකගන්න මගෙ නෙත් නැත පින් පුරපූ
එනමුත් දුටිමි මග මගෙ බුදු හිමි පෙන්වාපූ
තිබෙන්නට ඇති ඉතින් මහපිනක් මං පුරපූ

පන්දහසක් වසර පවතින්නට ඔබෙ සසුන
අදිටන් කලා පිරිණිවනට පසු සම්බුදු රුවන
රැකෙනු මැන එලෙස ගෝතම හිමි සසුන
මෙත් බෝසතුන් දිවැසින් බලනු මැන

No comments:

Post a Comment

සුරුවම බ්ලොග් අඩවියේ ඇති පල කිරීම් සංස්කරණය කිරීම හෝ වාණිජ පරමාර්ථයන් මත යොදා ගැනීමෙන් වළකින්න. මෙහි ඇති සටහන් සමාජයේ දැනුවත්භාවය වෙනුවෙන් හෝ රසවින්දනය වෙනුවෙන්, වෙන යම් ස්ථාන වල පල කරන්නේ නම්, සුරුවමේ වෙබ් ලිපිනයද සඳහන් කර අපට සහායවන්න.