කලියුග කාලේන නිම දක්නට
අසුර බල ජය කෙහෙලි නංවන
බුදු වංශෙට පිට සේනා රැස්වෙන
තිරිසනුන් රජ කරන කල්හිම
කොසොල් මහරජ සිහින සරි කල
අමනුශ්ය සත් කල හදිය දැක
සොබාදහමත් ඉඩදේය අසුරනට
සම්යඃදෘශ්ඨික දේවතා පෙලහර
දෙරණ හැර ඈතට ඇදෙන විට
අසුර බල කර ලෝතලය තුල
මාරසේනා ලකට බට කල...
මධ්‍යය සමතලා කරවන
මිණිපුර මිහි මතින් සගවන
මහාදිය කද රුදුව නැගඑන
මිහිකතත් කම්පාව දෙදරන
සියක් දහසින් නැසුන ලක මත
විශ්ව සැලසුම් අනුව සැකසුන
මලට බට වන් මී බිගුන් රැල
සැනසුමක් සොයනා කල් දැක
පිට හැරුනු දිව සෙන් පරපුර
එක්ව බලගෙන දියසෙන් බල
සෝදකව දෙරණත අසුර බල
නිර්මල ගෝතම සසුන මත
අවබෝධයෙන් දලු ලන රිකිලි
නව ප්‍රාණ වායුවක් ලබන කල
දුරුවේය අසුර බල බිදින් බිද
බුදු සසුනටම නිතින් පුද ලද
මහාකල්පයේ මහ උතුම් හැම
බුදු සිරිපා කමල හිස මත දරන
සිරිලක උතුම් සුන්දර දෙරණත
සිහල තෙද බල මහිම මතින...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment