මාතෘකාව දැක්ක ගමන්ම ඔයා කිසියම් පැටලැවිල්ලකට හසු වෙන්න ඇති. හැමදාම වගේ මම මාතෘකාව තේරුම් කරගෙනම ඉදිරියට යන්නම්. මිනිසා හා මනුශ්‍යයා කියන්නෙ දෙදෙනෙක්ද? ඔව් කට වචනෙට එකම විදියට අපි භාවිතා කරාට හරියටම බැලුවොත් ලොකු වෙනසක් තියෙනවා.ඒකත් මම කෙටියෙන් පහදන්නම්. මිනිසා කියල කියන්නෙ මම ,ඔයා අපේ අවට අපි දකින මිනිස් සත්ව සමූහයාටයි. එතකොට මනුශ්‍යයා කියන එක නිර්වචනය කරනවා නම් මනුශ්‍යයා කියන්නෙ අර මන් කියපු මිනිස් සත්තුන්ගේ කුලකයට යටතේ යහපත් ගුණධර්ම,චර්යාව සහ නියම මානුෂීය ගති පැවතුම් වලින් සපිරි මිනිස් සතුන්ගේ කුලකයටයි.කෙටියෙන් කිව්වොත් මිනිස්සු කියන සතුන්ගේ මානුෂීය ගුණ ඇති පිරිස අපි මනුශ්‍යයන් ලෙස හදුන්වනවා.මෙහෙම කිව්වම පැහැදිලි වෙන්නත් ඇති අපි තව මේ ගැන කතා කරගෙන යනකොට තවත් පැහැදිලි වෙයි.
මිනිසා කියන සතා මේ ලෝකේ පුරාම අපිට පේන්න ඉන්නවා.එහෙත් මනුශ්‍යයන් ඉන්නෙ බොහොම සීමිත පිරිසක්. ඒ සීමිත පිරිසෙයින් වැඩි ප්‍රතිශතයක් අපේ මේ පුණ්‍ය භූමිය හා එක්ව ජීවත් වෙනවා.
හරි එතනට එන්න කලින් ආයෙ මුලටම යමු.ඇයි මම මිනිසාගේ බිද වැටීම කියල කිව්වෙ. කෙලින්ම කියනවනම් අපි මේ පහු කරන්නෙ මගෙ බුදුරජාණන් වහන්සේත් දේශනා කරපු කලියුගයේ අවසානය ලග.මොනවද මේ කලි යුගයෙ වෙන්නෙ? මේවා මම අලුතෙන් කියන්න ඕනෙ නෑ.කොසොල් රජතුමා දුටු සිහින අපේ ඇස් ඉදිරිපිටම එලි වුනේ නැද්ද? මේ මිනිසා කියන සත්තු මේ ලෝකය විනාස කරේ නැද්ද? අඩු තරමෙ තමන්ගෙම වර්ගයාටවත් පිරිසිදු හුස්මක් ගන්න ඉතුරු කරාද? බොන්න පිරිසිදු වතුර ටිකක් ඉතුරු කරාද? නෑ නේද? අපි හුස්ම ගන්නෙ වස , බොන්නෙ වස , කන්නෙ වස. දැන් ඔයා කියයි වස මෙච්චර අරගෙනත් අපි මෙහෙම ජීවත් වෙන එකම ඇතිනෙ කියල. එහෙම කිව්වට ඔයා දන්නවද මේ වස නිසා අපි නියම මිනිස් ජාන සහ චර්යා රටාවෙන් එපිටට ගිය විකෘතියන් විදියට නිර්මාණය වෙමින් යනවා කියලා? එතකොට එතනින් එහාට උන්ගෙන් පැවත එන උන් නියම මිනිස්සුද? මිනිස්සු එහෙම අඩු වෙනවානම් මනුශ්‍යයා කොතරම් අඩු ඇතිද? මෑත කාලීන ලෙඩ රෝග දෙස බලන්න මේවා ඉස්සර තිබුන දේවල්ද? පර සුද්දො මේකට ඇවිත් මේක ජරා කරාට පස්සෙ නේද විනාස ඔක්කොම පටන් ගත්තෙ? මේවා මේ අහඹු සිදුවීම් නෙමෙයි. අපිට උන් මේ භෞතිකමය දේවල් දෙන ගමන් හිමීට අපේ උන්ගෙ කොදුනාරටිය කැඩුවා. පරගැත්තො කරා. උන්ගේ ආගම් මේකේ බලෙන්ම සහ කූට උපක්‍රම මගින් පැතිරෙව්වා. දැන් හරිනෙ සිංහලයගෙ රට, බුදුන් වහන්සේට පුදපු සියලු බුදු පාද ස්පර්ශ ලබන පින්බිම දැන් අච්චාරුවක් වෙලා.
ඔය ආපු එකෙක්වත් අපේ රටට ආදරේකට ආව උන් නෙමෙයි.පටු වාසි තකා සහ නොදැනුවත්වම බටහිර ගැති අන්තවාදීත්වයක් වපුරන පිරිසක්. මහ අධිරාජ්‍යට ඕනෙ විදියට අපේ උන්ව නම්මගෙන ලෝක බලවතා එක්ක හැම කෙලියක්ම නටනවා. මේවට කපටි චැං චූංලා එක්කම ඉස්සර ඉදන් ලංකාවට ඉරිසියා කරපු අල්ලපු චෞර දේශෙත් හවුල්. පොඩ්ඩක් කල්පනා කරල බලන්න උන්ගේ කුණු ගොඩවල් නේද අපි හැමෝම ඔලු වල පුරවන් ඉන්නෙ.කෙප්ප මාධ්‍ය වල එලිදකින්නෙ උන්ට ඕනෙ දේ මිසක් අපේ රටට අපිට වැදගත් දේවල්ද? අපිට අපේ රටේ ඇත්ත ඉතිහාසෙ ඉගෙන ගන්න පුලුවන්ද? උන් පෙන්නන,දෙන දේ බලනවා ඇරෙන්න අපිට ඇත්තහොයන්න කොච්චර අමාරුද? අපි පව් නේද? අවුරුදු සිය ගානක් ඉදල ඇහැ කන් පියන් ඉන්න අපේ උන් පුරුදු වෙලා හිටියා.ඒකයි අපිට වුන හෙනේ.මෙහෙම හරි මේරට රැකිල තියෙන්නෙ තාමත් මේ භූමිය තුල බුද්ධ ශක්තිය පවතින නිසා. මේ දිනවල මම දකිනවා දහස් ගණනක් මේ රට හැර යනවා. රැදෙන්න මේක රකින්න ආසාවක් නැති උන් පෞද්ගලික ඕන එපාකම් වලට ගියාට කමක්නෑ ටික දවසකින් තේරෙයි අපරාදෙ මේ රට දාල ගියේ කියල.එතකොට පරක්කු වැඩි වෙයි.
තමුන් මේ රටේ ඉන්න අකමැතිනම් මේකෙන් ගියාට කමක් නෑ එහෙත් මේ රටට බනින්න එපා. කාලකන්නි පාලකයින් මේ රට කෑවට මේ රට පලි නෑ තොපෙන් බැනුම් අහන්න. පාලකයො පත් කරගන්නෙ තොපිමයි.ඒකට තොපිටම බැන ගනිල්ලා.මේක හැමදාමත් බුදුන්ගේ උතුම් පින්බිම. උබලා අපේ පව් වලට කාලකන්නි කම් වලට මේ රට පලි නෑ.අපෙ බහුතරයකට සිංහල බැරිවීම මෝස්තරයකි.තමන්ගෙ දරුවෙක්ට සිංහල බැරිනම් තමන් සිංහලයෙක් වෙන්නෙ කොහොමද? මේ රට රකින්න තරම් හිතේ ආදරයක් තියෙන්නෙ බොහොම සුලු පිරිසකට. උන් අවංකවම මේ රට රැකගන්න කැප වෙනවා නැතුව පපුවට ගහගෙන ජාත්‍යාලයක් පෙන්නගෙන මිනිස්සු අන්දන්නෙ නැහැ. ඔයාම හිතල බලන්න මුන්ට මනුශ්‍යයා කියන්න තියා මිනිස් සතෙක් කියන්නවත් පුලුවන්ද කියල. මිත්‍යාව ඔලු උඩ තියන් මිත්‍යාව පස්සෙ යන ගමන් මොනවද ලබා ගන්නෙ? මෙච්චර ලබා ගන්න අමාරු මිනිස් භවය භෞතිකමය දේවල් පස්සෙ ගිහින් නිකන් නාස්ති කරගන්නවද එහෙම නැත්තම් ස්වභාව ධර්මය රැකගෙන විශ්ව නීතියට යටත්ව ජීවත් වෙලා තමන්ගෙ යුතුකම් කරනවද කියන එක ඔබටම භාරයි. ඔන්න ඔය අවසානෙට මම කියපු දෙයින් තමා තමන් මනුශ්‍යයෙක්ද එහෙම නැත්තම් නිකන්ම නිකන් මිනිසෙක් කියන සතෙක්ද කියන එක තීරණය වෙන්නෙ.
දැන් මම ඊට පෙර කියපු කරුණු ඔස්සෙ හිතල බලන්න. මිත්‍යාව කරපින්නාගෙන ලෝකය විනාශයට ගෙන යන මිනිස්සු නේද බහුතර මිනිස් කුලකය. මේකෙන් මනුශ්‍යයා කියන්න පුලුවන් උන්ගෙන් බහුතරේ ඉන්නෙත් මේ පින් බිමේ නේද? උතුම් සද්ධර්මය නිතර දේශනා වෙන, ඇසෙන තැනක මනුශ්‍යයාගේ පැවැත්ම පවතීවි. මෙතෙක් මිනිස් සංහතියේ බහුතරය දුවපු රේස් එකේ ප්‍රතිඵල අපිට දැන් ලගදිම බලන්න පුලුවන්. මෙතෙක් මේ ලෝකෙට බරක් උන මිනිසා කියන සත්වයාගේ ශීඝ්‍ර අවපාතයක් දකින්නට ලැබේවි.
අති දුර්ලභ මිනිස් ආත්මය ඵලදායි ලෙස භාවිතා නොවන්නේ නම් ඔබට ආයෙත් යන්න වෙන්නෙ මහගෙදරටම තමා. හැමෝගෙම මහගෙදර ඉතින් අපායම තමා. ඔයා ලග කෝටි ගානක් සල්ලි ඇති වත්කම් ඇති ඒත් ඒ කිසිම දෙයක් මරණින් පස්සෙ වැඩක් නෑ. ස්වභාව ධර්මය විසින් ස්වභාව ධර්මයට කෙනෙහිලි කම් කල වුන් ඉවත් කරනු ඇත. ඔන්න ඔතනදි මිනිසාගේ බිද වැටීම වේවි. අනතුරුව ස්වභාව ධර්මය විසින්ම ස්වභාව ධර්මයට අනුකූලව ජීවත් උන මම කියපු මනුශ්‍යයා කියන කුලකයේ උන් රකීවි. ඕකම තමා මගෙ බුදුරජාණන් වහන්සේ දේශනා කලේ ධර්මය රකින්නා ධර්මය විසින් රකිනු ලබන බවට.
ඔයා මේ ඉන්නෙ තාවකාලික අම්බලමක මෙතන තමයි නිවන කියන සැනසුම ලබන්න තියෙන එකම තැන. මේක විනාස කරල යන එන මං නැති කරගන්නවද කියල හිතල බලන්න.කලියුගය අවසානය එක්ක මිනිසා විනාශ උනත් මනුශ්‍යයා කියන පිරිස රැකේවි. එතැන් පටන් ඒ ඉතිරි උන මනුශ්යයන්ගෙන් නියමාකාර මනුශ්‍යය ගහණයක් ඇතිවේවි. එතැන මනුශ්‍යයාගේ පිබිදීම වනු ඇත. අපි මේ ලෝකෙට ආව කාරණාව නිම උනාම හිතේ සැනසීමෙන් යන්න පුලුවන් වෙයි. මාත් හැකිතරමින් මට පුලුවන් දේවල් කරනවා මේ මොහොතේ උනත් මේ ජීවිත අම්බලමෙන් යන්න වෙයිද නොදන්නා නිසා.
මීට වඩා විස්තර මේ ලිපියෙන් කියන්න බලාපොරොත්තුවක් නැහැ ලිපි ගොඩක් දිගයි කියලා පොඩි පොඩි විවේචනත් එල්ල උනා 😁. එනිසා මෙතනින් නවත්තන්නම් ආයෙත් ලිපියකින් හමුවෙමු. මේ ලිපිය කවුරු හරි කියවා මින් යම් යහපතක් ඇතිවන්නේද එයින් ලැබෙන කුසලය ඔබට මට උතුම් නිර්වාණ අවබෝධය පිණිසම හේතු වේවා එමෙන්ම ඒ කුසල් බලයෙන් නිර්මල බුදු සසුන තව තවත් පැතිරීම පිණිසත් මේ පින් බිමත් මගෙ සිංහල ජාතියේත් චිරස්ථිතිය පිණිසම හේතු වේවා... උබලාට තෙරුවන් සරණයි !!!
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment