මාරයා හා මිත්‍යාව

තවත් ලිපියක් ලියන්න පටන් ගත්තා. කාර්‍යබහුලත්වය සහ එක එක කාරණා නිසා ලිපි ලියන එක ප්‍රමාද උනත් මිනිස් ජීවිතය කියන දේ ඉක්මනින් අඩුවීගෙන යන නිසාවෙන් හැකිතරම් ලියන්නට මම හිතාගත්තා.දැන් දැන් පෞද්ගලිකව එක එක විවේචනත් එල්ල වෙනවා. අන් ආගම් වලට පහර ගහනවා කියලා. බොහොම කරුණාවෙන් පැහැදිලිවම මම කියනවා මම විවේචනය කරන්නෙ මිත්‍යාව පමණයි. ඒකත් ඔයාලටම හිතන්නට දෙයක් දෙන එක විතරයි ඔයාලටම තේරුම් ගන්න.

මම වැඩිපුරම පහර ගහලත් තියෙන්නෙ බෞද්ධයන්ට. නිර්මල බුදු දහමට මේ පිටින් බලෙන් ඔබ්බපු මිත්‍යා විශ්වාස වලට.එනිසා මම පෞද්ගලිකව කිසිම කෙනෙක්, ආගමක් , ජාතියක් විවේචනය කරන්නෙ නෑ.මට වාද විවාද වලට තරම් කාලයක් නැත.එනිසා හැමදාම කියනවා වගේ ගතයුත්තක් ඇත්නම් ගන්න නැත්තම් බැහැර කරන්න.

හරි අපි දැන් ලිපියේ මුලික කරුණු ගැන බලමු. ඔයා දන්න විදියට මාරයා කියන්නෙ කවුද? ගත් කටටම කියයි කලු ඇදගත්ත හැම සතාවම මරණ අපායෙ ඉන්න කෙනෙක් කියල. ඇයි දැන් අපිට දකින්නට අහන්නට ලැබෙන මිත්‍යාව ඔබ්බපු ආගම් වල උගන්වන දේවල් ගොඩක් දැන් චිත්‍රපට හා සමාජ මාධ්‍ය ඔස්සේ ඇතිතරම් බෙදා හරිනවා. ඉතින් වර්තමාන පරපුර තුල මේ ප්‍රතිරූපය මුල් බැහැගෙන ඉවරයි.පොඩ්ඩක් ඒ දේවල් හිතින් අයින් කරන්න. මේ කාරණාත් හිතල බලන්න.

මුලින්ම මාරයා දෙවි කෙනෙක්. ගොඩාක් පින් කරපු ගොඩක් සැප විදින සහ අනෙකුත් අයවත් පස්කම් සැපයට පොලබවා ගන්නා කෙනෙක්.ඔහුට ඒ හා සමාන පිරිසකුත් ඉන්නවා.දෙවි කෙනෙක් නිසානෙ මාර දිව්‍ය පුත්‍රයා කියන්නෙ.හැබැයි එයා මිත්‍යාව තුල ඒවා වපුරමින් කල් ගෙවනවා.දැන් මේක අර කුණු මිත්‍යාව එක්ක පටලවා ගන්නෙ නැතුව යමු. හරි දැන් අපි මේ කාරණය වෙනත් කෝණයකින් බලලා හිතමු.ඇත්තටම මාරයා කියන කෙනා කරන්නෙ මේ සජීවී ජීවී කොට්ඨාස මරල දාන එකද? මම කලින් කිව්වා වගේ මාරයා සහ පිරිස කරන්නෙ සත්වයා පස්කම් සැපතට පොලබවා ගනිමින්, දුක, තාවකාලික සැපය, ඇලීම් ,ගැටීම් නිර්මාණය කිරීමයි. ඒක මේ නිවන් මග අවබෝධ කරගත් පිරිසට හැර අනෙක් සියලුම සත්වයන්ට පොදුවේ ලැබෙන දෙයක්.

නිවන් මගට එලෙබි කෙනාට මාර බලපෑම් මත වෙනස් වීමක් වෙන්නෙ නෑ.ඒකනේ මාරයා මෙ බුදුන් වහන්සේලා එක්ක මෙච්චර තරහ.ලෝක සත්වයාට සත්‍ය අවබෝධ වුනාම එ පිරිස මාරයාගේ පාලනයෙන් තොර වෙන නිසා.

ඒ කියන්නෙ එයාලා තියෙන බැදීම් සේරම ඉවර කරලා ආයෙත් අල්ලාගන්න තැනක් නැති කරල නිසා. බුදුන්වහන්සේ කලේ අන්න ඒ අල්ලාගන්න එක නැතිකරගන්න මාර්ගය පෙන්නපු එක. සරලව කියනවානම් සත්වයාගේ පැවැත්ම නැති කරපු එක. දැන් අපි ආයෙත් මාරයා කියල අපි හිතාගෙන හිටපු සංකල්පය දෙසට හැරෙමු. බුදුන් වහන්සේ සත්වයාගේ පැවැත්ම නැති කරලා නැවතීම කියලා දුන්නානම් මාරයා කලේ මොකද්ද? මගෙ බුදුරජාණන් වහන්සේ නැවතීම දේශනා කරද්දී ඔහු කලේ පැවැත්මක් ඇති කරලන්න හදපු එක නේද?

සත්වයාගේ පැවැත්ම තව තව තවත් දිගු කරලමින් කාමයේම ගිලෙමින් සැපයක් සොයාගෙන මිරිගුවක් පසුපස යන්නට සැලසූවා නොවේද? කොහෙවත් තියෙන දෙයක්වත් මිත්‍යාවක්වත් පස්සෙ යන්නෙ නැතුව පොඩ්ඩක් මසැසට එහායින් මනසින් හිතල බලන්න. මිත්‍යාවන්වලින් පෙන්නන විකාර ඔලුවට පුරවාගන්නෙ නැතිව සිතාබලන්න. භෞතිකව නොව මනස තුල සිටින සත්වයාව මරා දමන්න. එතැන් පටන් මේ කාම ලෝකය තුල නිවීම හටගනු ඇත. ධර්මය පිලිබදව විග්‍රහ කිරීමට මට අයිතියක් නැත. එහෙත් පවතින මිත්‍යා මත වල එරෙහිව මම මගේ සටන ගෙනයමි.

මෑත ඉතිහාසයේ නුතන ධර්ම කථිකයන් වන සෝම හිමිද සිදුකලේ එයමය. උන්වහන්සේ බුද්ධ පුත්‍රයෙක් ලෙස නියමාකාරයෙන් නිර්මල සද්ධර්මය වෙනුවෙන් හඩ අවදි කලහ. එහෙත් දැන් උන්වහන්සේ මේ භෞතික ලෝකය තුල නැත එහෙත් උන්වහන්සේගේඋත්සාහය අද වනවිට කල එළි බසිමින් පවති. අමනුස්ස ඇදහිලි වලින් තොරව තමා හිසට තම අතමය සෙවනැල්ල කියල හිතලා සිදුවන හැමදේම තමන්ගේ කර්මයක් නිසා ගනුදෙණු පියවීමක් ලෙසට සලකලා වැඩකරනවානම් ඔය පිස්සු බහුබූත ඔලුවෙ තියාගෙන අමනුස්සයෝ පස්සෙ යන්න ඕනෙ නෑ තමන් විසින්ම තමන්ගේ ලෞකික සහ ලෝකෝත්තර දියුණුව සලසාගතහැක.

කොච්චර බාධක ආවත් සාර්ථකව මුහුණදෙන්න ශක්තිය නිරතරයෙන්ම ලැබේවි. වැඩිය කියවන්නෙ නැතුව කෙටියෙන්ම ලිව්ව මීක තේරෙන්න ඇති කියල හිතනවා. හැමදාම වගේ ප්‍රාර්ථනා කරන්නෙ නිර්මල බුද්ධ ශාසනයත් උතුම් සිංහල දීපයත් සිංහල ජාතියත් හැමදාම රැකේවා කියල. උබලා හැමෝටම තෙරුවන් සරණයි!

No comments:

Post a Comment

සුරුවම බ්ලොග් අඩවියේ ඇති පල කිරීම් සංස්කරණය කිරීම හෝ වාණිජ පරමාර්ථයන් මත යොදා ගැනීමෙන් වළකින්න. මෙහි ඇති සටහන් සමාජයේ දැනුවත්භාවය වෙනුවෙන් හෝ රසවින්දනය වෙනුවෙන්, වෙන යම් ස්ථාන වල පල කරන්නේ නම්, සුරුවමේ වෙබ් ලිපිනයද සඳහන් කර අපට සහායවන්න.