සොයනා විසදුමක්
ඇති කල ඉදිරි එන
වියවුලක්..
දැවෙන දේ ගින්නෙන්
කොහෙද දමනයක්..
නිවනු පිණිසට
අන් කවරකද අවැසි
සිහිල් පැන් පොදක්...
මාර බල වලට
රජ බොජුන් නම්
වෛර ගිනි ගොඩක්...
මෙත් සිහිල මිස කොහෙද
කාහටත් සැනසුමක්...
නුවනින් විමසා බලාපිය
සිහල කැල ටිකක්...
බුදු හිමි දැල් වූ සේක නම්
එහෙව් වෛරයේ
ගිනි සිලක්...
අංගුලිමාල ආලවක වගෙ
දරුණු ඇත්තෝ රැලක්...
කොහෙ වෙන්නද බොලව්
මගෙ බුදු හිමි පාමුල
දමනයක්...
බුදු සීහ නාද ගෙන
ගැඹුරට මගෙ සිත්
පහන් සිලක්...
වෛරයට නම් සිහලුනේ
මෙත් සිහිල හැර
නැත අන් කිසිම
විසදුමක්...
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment