දෙරණත සනසන්නට
ස්පර්ශය බලා සිටින ඇය
දරුවනගෙ රුහිරු බිද බිද
සියොලග තෙමෙනු දකින කල
නිවී යනු ඇත කෙමෙන්
ගිනිගෙන දැවෙන ඇය...
නමුදු ඒ රුහිරු කාගේද...
කුමක් වෙනුවෙන්ද...
ජාතියක් ජන්මයක්
කිමද පල නැත ඇයට
රත් පැහැ රුහිරු මිස...
හෙල රටට බට
හෙලයින්ට වින කල
පරයින්ගෙ රුහිරු ගෙන
සැනසෙන්න දෙනු හැර
හෙලයාට එදිරිව
නැගෙන්නට නම්
ඉඩක් නැත කිසිම...
සිව්හෙල පවුර
තවම ඇත දෑස අයාගෙන
අවැසි නම් දිවි පුදන්නට...
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment