
අසාගෙන තනි වුන
යහන මත වැතිරව
ඔහේ සිතුවිලි වටේ දුවවන
හද ගැහෙන මල කදක්
ලෙස හුරු වෙලා මං මේ
පාලුවටම..
මතක ආයෙත් රිදෙනකොට
සැනසුමක් වෙලා තිබුනු
මොහොතකට සාපයක් උන
තනිකමම...
ඇහැරවා මතක ටික
මැරුණු මගෙම හිත
ඒ මතකයෙන් පණ ඇවිත්
උබ නැති බව දැනුන
එකෙනෙහිම..
සැනසෙන්නෙ මං ආයෙ
තව එකවරක්වත් ඔබ හා
ආදරෙන් පෙරමෙන් උණුසුමට
ලං වී සැතපී ඉන්නට
එක වරක් වත් ආදරෙන්
සිනාසී දොඩමලු වන්නට
තිබුනාම..
No comments:
Post a Comment