ගොඩක් දෙනා හිතාගෙන ඉන්න විදියටම මම අද මේ ලිපියේ මාතෘකාව සකස් කර ගත්තා.මේක බොහොම සමාජයේ මුල් බැසගත්ත කාරණාවක්.හොදටම වරද්ද ගත්ත මෙතන ගැන අපි අද තාර්කිකව සලකා බලමු.අද මම වෙනස් විදියකට මේ ලිපිය ඉදිරිපත් කරනවා තේරෙන භාශාවෙන්ම.මෙතනදීත් වෙනයම් අදහසක මුල් බැසගත්ත කෙනෙක් මාත් එක්ක මේ ලිපිය එක්ක ගැටීමක් ඇති කරගන්න පුලුවන්.මම බොහොම කරුණාවෙන් ඉල්ලනවා මේක කියවලා ඔබට එකතු කරගන්න දෙයක් තියෙනවනම් එකතු කරගන්න එහෙම නැත්තම් කිසිම ගැටීමකින් තොරව ඉවතලන්න.
හරි දැන් අපි ප්‍රධාන කාරණාව ගැන බලමු. මම ඔයාගෙන් මුලින්ම අහනවා මහණදම් පුරන එක එහෙම නැත්තම් පැවදි වෙන එක ප්‍රශ්නෙකට විකල්පයක් ද? ගොඩක් දෙනෙක් කියයි අම්මෝ ඔව් මේ විදින ප්‍රශ්න දුක් වලින් බේරෙන්න හොදම විසදුම ඒක තමයි කියලා. ඇත්‍තටම ඒක එහෙමද? ප්‍රශ්න වලට දුකට බේරෙන්න තියෙන විදිය ඒකද? නැහැ පැවදි දිවිය කියන්නෙ ප්‍රශ්න වලින් බේරෙන්න පුලුවන් විකල්පයක් නෙමෙයි. වක්‍රාකාරයෙන් දුක සහ ප්‍රශ්න වලින් මිදී සැනසීම ලබා ගැනීමට පැවදි බව ඉවහල් වෙන බව ඇත්ත. ඒත් ප්‍රශ්නයකදි පැවදි වෙලා ඒ ප්‍රශ්න විසදන්න නෙමෙයි පැවදිබව තියෙන්නෙ.මේක ඔයාට ටිකක් පැටලිලි සහගත උත්තරයක් වෙන්න පුලුවන් ඔයාලට.හරි අපි සරලව කතා කරමු උදාහරණ කීපයක් එක්කම.
මේක සමාජයේ තරුණ තරුණියන් අතර මූලිකවම පේන දෙයක්. තමන් ආදරයෙන් පැරදුනාම ඒ දුකටයි සමාජෙන් ඈත් වෙන්න ඕනෙ කියල හිතෙන ඒ ක්ෂණික සිතුවිල්ල නිසා අද සමාජෙ ගොඩක් අයගෙ පොදු වාක්‍ය "මට නම් දැන් එපා වෙලා තියෙන්නෙ මේ ජීවිතේ මම යනවා මහණ වෙන්න" මේක ඔයාත් අහල ඇති නැතිනම් හිතිලත් ඇති. ඒ වුනාට හොදට හිතට ගන්න. මහණ වීම ඒකට විසදුම නොවේ.මහණදම් කියන්නෙ බොහොම උතුම් ඒ වගේම කැපකිරීම් දිරිය වීරිය යුතුව කල යුත්තක්. ජීවිතයේ එන මේ වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න බැරි ඔබට ඒ වගේ කැපකිරීම් සහ දිරියක් තිබෙනවාද? වසර දහස් ගණනක් පුරාවට නිර්මල බුදු සසුන රැකගෙන ආව ඒ මහා යතිවරයන් වහන්සේලාගේ කැපකිරීම් හෑල්ලුවට නොගන්න. පලමුව අවබෝධය ලබා ගන්න. තවත් මම දකින ප්‍රධානම දෙයක් තමයි දෙමාපියන්ට පෝෂණය කල නොහැකිනම් දරුවන් සසුන්ට පූජා කරනවා.එසේ මහණදම් පිරීමට යොමු කරවන්නේ අවබෝධයෙන්ද? නැහැ ඒ අයගේ ගැටලු වලින් මිදීමට කියල හිතාගෙන දරුවන් සසුනටදෙනව. මෙය කොයිතරම් ප්‍රායෝගිකද? සෑම දෙනාටම පොදු නොවුනත් අවබෝධයකින් තොරව මහණ වීම කෙතරම් ප්‍රායෝගිකද යන්න හිතලම බලන්න.
ඔයා මේ දේවල් වලට තවත් තර්කයක් ලෙස කියන්න පුලුවන් අප මහා බෝසතුන් වහන්සේගේ අභිනිශ්ක්‍රමණය ගැන කියන්න පුලුවන් උන්වහන්සේ සතර පෙරනිමිති දැකල අර නාටිකාංගනාවියො නිදන් ඉන්න විදිය දැකල කලකිරිලා ගිහිගෙට හැරගියාලුනෙ කියලා. බුදු බව ලබන්නට ආත්ම කල්ප ගණන් පෙරුම් පුරපු උන්වහන්සේට ඒවගේ දෙයක් දැකල කලකිරිලා ගිහි ගෙය හැරයන්න ඕනෙද? මේ කලකිරීම කියන වචනය ඉස්සරහට දාලා එහෙම කතාවක් කියන අය ඒක කියන එක කොච්චර සාධාරණද කියල හිතුවනම් හරි. උන්වහන්සේ ගිහිගෙය හැරයන්නෙ ඕවා දැකල කලකිරිලා නම් නොවේ. උන්වහන්සේ සසර පුරාවට පිරු පෙරුමන් වල බලයෙන් සහ අවබෝධය තුලින් උන්වහන්සේ අවබෝධ කරගන්නවා ගිහිගෙය තුල විදින සැප තාවකාලිකයි කියලත් එයින් මිදෙන මාර්ගය උන්වහන්සේ විසින්ම සොයාගත යුතු බවටත්.ඒ නිසා ඒ කලකිරීම කියන වචනය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඕනෙ අවබෝධය කියන වචනය විදියට. හරි ඊටත් පස්සෙ උන්වහන්සේ බුද්ධත්වට පත්වුනාට පස්සෙ ප්‍රශ්න තියෙන හැමෝටම ඇවිත් පැවදි වෙන්න කිව්වද? නෑ නේද? උන්වහන්සේ සිදු කලේ කුසල් පූර්ණය කල පිරිසට උන්වහන්සේගේ සාසනය තුල පැවදි බව ලබාදී අනෙකුත් පිරිසට ඒ සදහා කුසල් රැස් කර අවබෝධය ලබා ගැනීමට මාර්ගය පෙන්වීමයි.
තවත් තර්කයක් ඔයා ගෙනෙයි පටාචාරා මොන තරම් දුක් වින්දද ඒ දුකෙන් ගැලවෙන්න බුදුරදුන් හොයාගෙන ගියේ නැද්ද උන්වහන්සේ පටාචාරාවට පැවිද්ද දුන්නෙ නැද්ද? ඔව් පටාචාරාවට උන්වහන්සේ පැවදි බව ලබාදෙනවා. ඒත් පටාචාරාව උමතුවෙන් වගේ අඩාගෙන එද්දි පටාචාරාවට නිර්වාණ අවබෝධයට කුසල් ඇති බව උන්වහන්සේ දිවැසින් දැකලත් පටාචාරාව ඔබ දුකින් නේද පැවදිව දුක නැති කරගන්න යැයි එකෙනෙහිම වදාලන ලද්දේද? නැහැ නේද? උන්වහන්සේ පටාචාරාවට අවබෝධය ඇයතුලින්ම ලබා ගැනීමට ඉඩ දීමෙන් පසුව ඇයගේ ආයාචනයකින් ඇය නිසි අවබෝධය ලත් හෙයින් පැවදි කරගත් සේක.එහෙම අවබෝධයකින් සහ මහා කුසල් රැසකින් පිරුණු සංඝ රත්නයට මේ තමන්ට එන තාවකාලික දුකක් ප්‍රශ්නයක් ඉවසගන්න බැරුව හිතේ දිරියක් නැති අයවලුන් හවුල් වුනොත් ඒ මහා සංඝ රත්නයටම නිගාවක් කරනවා නේද? තවත් කියනවනම් මේ සා විශාල ධර්මස්කන්ධයක් රැකගෙන පිරිත් මෙන්ම ධර්මයද අවබෝධයකින් කටපාඩමින් රැකගැනීමවත් ඔබට කල හැකිද? එ නිසා එනඑන ප්‍රශ්න වලට උතුම් මහණදම් පුරන්න යන්න එපා.අපි එදිනෙදා කියන විදියට කටට එන පලියට දුකක් කලකිරීමක් මට එපා වෙලා මම මහණ වෙනවා කියන්න එපා.ඒකෙන් වෙන්නෙ ඔබ මහා සංඝරත්නය හෑල්ලුවට ලක් කරන එක.ඒ නිසා නිවැරදි අවබෝධයකින් යුතුව පමණක් කරන්න.
මම දැකල තියෙනවා ඕන තරම් පිරිස අපේ සංඝ රත්නය විවේචනය කරනවා. අවබෝධයකින් තොරව වෙනත් විකල්ප පිණිස මහනදම් පුරණ ස්වාමීන්වහන්සේලාගෙන් සාසනයට බලවත් හානියක් වන බව සැබෑව.එහෙත් ප්‍රත්‍යක්ෂකොට නොදන්න දේවල් ගැන ගැටීමෙන් වලකින්න. පොදුවේ මහාසංඝ රත්නය කල කැපකිරීම් සහ සාසනය රැකීමට කරපු දේවල් කියල නිම කරන්න බැරි තරම්.වැරදි කරන අය තමන්ගේ වැරදි කර්මානුරූපීව ගෙවා දමයි.අපට ඒවායේ ගැටීමට අවශ්‍ය නැත. මේ බුද්ධ වර්ශ 2564 යි. මෙතුවක් කාලයකට නිර්මල බුදු දහම අපිට රැකගෙන ඇවිත් තියෙන්නෙ නිකන්ම නෙමෙයි. උතුම් සංඝ රත්නය අනේකවිධ දුක් ගැහැට විදිමින් කැපකිරීම් කරමින් මේ සියල්ල උන්වහන්සේලා අපට රැක දී ඇත. එතනින් නවතින්නෙ නැතුව ඒ නිර්මල සද්ධර්මය අපිට දේශනා කරනවා අපිට අවබෝධය ලබාගන්න මහා උදව් රැසක් කරනවා. මේ තරම් දේවල් අපි වෙනුවෙන් මේ නිර්මල බුද්ධ දර්ශනය රකින මහා සංඝයාට අවමන් කිරීමට කලින් සිය දහස් වාරයක් ආයෙත් හිතල නොකර ඉන්න එක තමා හොදම දේ.
ඔබ සිංහලයෙක්නම් ඔබ බෞද්ධයෙක් නම් ඔබට යුතුකමක් තියෙනවා.නමට මේ දේවල් තියාගන්නෙ නැතුව අවබෝධයකින් යුතුව මේ දේවල් රකින්න.අපිට තියෙන උතුම්ම මැණික් තුනෙන් ජීවමානව දකින්නට ලැබෙන සංඝ රත්නය සරණ යන්න. උන්වහන්සේලාගේ උතුම් මෙහෙවරට අපගේ දායකත්වයද ලබා දෙමු. මම හිතනවා මේ කියපු දේවල් වලින් දල අදහසක් ඔයාට එන්න ඇති කියල. ඔයාට එන ප්‍රශ්න වලින් පැනල යන්න විසදුමක් විදියට මහණ වීම කොහොමවත් නොකල යුත්තක්. ඔබට ඒ උතුම් කාර්‍යභාරය නිවැරදිව කරන්න පුලුවන් වගේම ඔබ මේ සසර දුක් කෙලවර කිරීමට අවශ්‍ය නිවැරදි අවබෝධය සහිතව නම් ඔබ මහනදම් පිරීමට සුදුසු වෙනවා කියන එක මගේ මතයයි.
මගේ පැහැදිලි කිරීම සමහරක් විට ඔයා වෙනත් කෝණයකින් වැරදි විදියට දකින්න පුලුවන්.මම කලින් ලිපි වල වගේම ආයෙත් කියනවා හුදෙක් මගේ උත්සාහය සිංහලයාගේ කොන්ද කඩල හදල තියෙන පරගැති මනස බිදලා විචාරශීලී බව ඉස්මතු කරවීම පමණි.නැතුව ධර්මය දේශනා කිරීම නෙමෙයි.ධර්මය ගැන උතුම් සංඝ රත්නය හොදින්ම දන්නා උතුමන් ය.මම ඉදිරිපත් කරපු කරුණු වල පෙලගැස්මේ යම් වැරදි තියෙනවානම් මම සමාව ඉල්ලා සිටිනවා එහෙම ඔබට හිතෙනවානම් කරුණු හොයන්න. සම්මා සම්බුදුරජානන් වහන්සේ දේශනා කල විදියටම "ඒහි පස්සිකො.." එව බලව විමසව..නිවැරදි බව අවබෝධය පිණිස මම යම් කතිකාවතක් ආරම්භ කරනවා පමණි.මූ කියන්නෙ ඇත්තද බොරුද කියල හොයල බලල දැනගෙන නියම අවබෝධයකින් උතුම් නිවන සොයා යන ගමන තනිවම යන්න. මගේ උත්සාහයෙන් යම් කිසි කුසලයක් හටගත්තා නම් ඒ සියලුම කුසල් ඔබ සියලු දෙනාටම උතුම් නිර්වාණය අවබෝධ කරගැනීම පිණිසත් එතෙක් නිදුක් නීරෝගී සුව ලැබීමටත් නිර්මල බුදු සසුනේත් සිංහල ජාතියේත් උතුම් සිංහල ද්වීපයේත් දියුණුව සහ චිරතිතිය පිණිසම හේතු වේවා!!!
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment