බත් හැලියේ දංකුඩ ටික
හූරන සද්දෙට කීරි ගැහෙන
පපුවට බර වැඩි උන සුසුම්
හිර ඇරගෙනම එලියට
උණුහුමට පැන්නාට
සුසුමකට වැඩියෙන්ම
ඔය හිත පුරාවට මහ
සෙනෙහසක් තියෙනවා
අම්මේ දන්නවා මං...
දරුවන්ගෙ කුස පිරුනාම
ඇගෙ කුසත් පිරුනා වාගෙ
දංකුඩ ටික ගිලගෙන ගියේ
රසවත් හරිහැටි නොබලාම...
ණය වෙලා ගෙනත් දුන්
කිරිපිටි උගුරකට බඩ පුරවාන
නංගි නින්දෙන් හිනහෙනවා
ඇගේ ලෝකෙම ලස්සන හීනෙක...
හීන බලපන් නංගියේ
හැබෑ නොවුනත් මේ ලෝකෙ
පවුලෙ බර ඇගෙ කරට ගෙන
සවි කරන අපෙ දිවිය
අතමිට කාසි හිග උනාට
උබේ ලෝකෙ පාට කරවන්න
අපෙ අම්මා නම් දුප්පත් නෑ
ආදරේ ඇත මහ මෙර උසට...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment