මම මුලින්ම මේ මාතෘකාවෙ තියෙන ප්‍රශ්නයම ඔයාගෙන් අහල මේ ලිපිය පටන් ගන්නම්.ඇත්තටම ඔබ සිංහලයෙක්ද? බෞද්ධයෙක් ද? ඔව් මේ දෙකටම ඔව් කියනවනම් අපි මේ සාකච්ඡාව ඉදිරියට කරගෙන යමු. මම ඊලගට අහන්නෙ සුපුරුදු ප්‍රශ්නයක්.ඇයි ඔයා එහෙම ඔයාව සිංහලයෙක් බෞද්ධයෙක් කියල හදුන්වන්නෙ? හුරුපුරුදු උත්තරේ ඉතින් මගෙ දෙමව්පියෝ එහෙම නැත්තම් අම්ම හරි තාත්තා හරි සිංහල බෞද්ධ කියන එකනෙ.පොඩි කාලෙ එහෙම කිව්වට කමක් නෑ කියමුකෝ. මහා ලොකුවට නව පරපුරේ කියාගන්නා තරුණ පිරිසත් උන්ගේ මහ උනුත් කියන්නෙ ඒකමනෙ.මේ උත්තරේ හැමදාම දාමයක් වගේ පරම්පරාවෙන් පරම්පරාවට ගිහින්.එක තැනකදි අපේ උන්ට මේකෙ ඇත්ත මොකද්ද කියල පරයො සිංහල භූමියට පය ගහපු දවසෙ ඉදන් අමතක වෙලා.ඇයි ඉතින් උන් සිංහලයගෙ කොන්ද කැඩුවනෙ පරගැත්තන් කරල කිසි දෙයක් හොයන්න දෙයක් නෑ තියෙන දේ එහෙමම පිලිගනින් කියල. දැන් උන්ට බැනල අත පිහිද ගත්තම හරිද? පොඩ්ඩක් හිතන්න අපි තාම එතනමයි නේද? වැරදි කරපු උන්ට බැනල වැරද්ද නිවැරදි වෙනවද?එහෙම නැත්තම් ඇත්ත හොයල මේව නිවැරදි කරනවද?දැන් ඔයාගෙ හිතට එන උත්තරේම තමයි කලයුතු වෙන්නෙ. අපි හැමදාම කරෙ කොහෙට හරි බැනල මම හෙන සිංහලය කියල හිතට පොඩි වින්දයක් ගත්ත එක නේද? අද ඔබ ආඩම්බරයෙන් මම සිංහලයෙක් කියන්නෙ ඇයි? ඒකටත් නිවට දාර්ශනික පිරිසකගෙ උත්තරය අපිට දෙදහස් පන්සීයක් පුරාවට පැවති ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන ජාතියක් කියල.ඇයි මම උන්ට නිවටයො කිව්වෙ? අපිට ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන බව ඇත්ත ඒත් දෙදහස් පන්සීයක නෙමෙයි.ඊටත් වඩා අවුරුදු දහස් ගණනක.මුන් ඒ දෙදහස් පන්සීයෙ කතාව කියන්නෙ විජය රජගෙන් මේ සිංහලේ පටන් ගත්ත බවට පිලිඅරන්.සිංහලයන්ගෙ රටට පිටින් ආවම උන් සිංහලයන්ද? විජය එන්න කලින් අපි අශිෂ්ඨ වැද්දොද? එහෙනම් ඉතින් විජය එන්න කලින් කතා වල කියවෙනව වගේ අපෙ මහා සම්මා සම්බුදුරජානන් වහන්සේ ලංකාවට තෙවරක් වැඩියා කියන්වනෙ එයින් එක් වරක කැලණියට වැඩම කර බවට කියනවා චූලෝදර මහෝදර නා රජවරුන්ගේ මැණික් පුටුවක් උදෙසා කල සටන නවත්තන්න.අශිෂ්ඨ වැද්දො කියන අපේ උන් ඒ මැණික් පුටුව හැදුවෙ කොහොමද දන්නෙ නෑ නේද? පුලුවන්නම් කියාපියව් ඒකත් ඉංදියාවෙන්ම ගෙනාවා කියල.එච්චර තාක්ෂණයක් අපේ තිබිලත් ඒවා හිතන්න අපිට ඉඩදීලා නෑනෙ අපි අපේ හැමදේම චෞරයන්ගෙ දේසෙට දීල ඉවරනෙ.විජය එන්නත් කලින් මේක සිංහල බෞද්ධ රටක්. මේ කල්පය තුල සියලු බුදුවරුන්ගේ පාදස්පර්ශය ලබපු රටක් මේක.මේ රට ලෝකෙන්ම පින්බිම කිව්වට පාඩු නෑ.ඉතිහාසය ගැන පසුවට දීර්ඝව කතා කරමු.
මම මේ ලිපිය ලියන්න හේතු වුන කාරණය වෙන එකක්.ඒ ඔයාලට ඔයාලගෙ යුතුකම් ගැන මතක් කරල දෙන්න. මම හැමදාම කියනවා වගේ මේ ලිපියේ කරුණු අදාල නැතිනම් අතහරින්න.පරගැති මානසිකත්වය සහ හැමදේම ලැබෙනකන් උඩ බලාගෙන ඉන්න මානසිකත්වය නැති කරගමු.
දැන් ලෝකයේ පවතින තත්වයත් එක්ක මිනිස් ජීවිතය තව තවත් හෑල්ලු වෙලා වගේ පේනවා නේද? කොරෝනා වසංගතය මෙන්ම තව තවත් දරුණු රෝගාබාධ පැතිර යනවා. කෘතිමව වේවා ස්වාභාවිකව වේවා මේ තිබෙන තත්වය යටතේ අපි කාගෙවත් ජීවිත පිලිබදව තියෙන බලාපොරොත්තු අඩු වෙලා තියෙනවා. ඔයා බෞද්ධයෙක් විදියට දන්නවා මරණය කොයි වෙලාවේද කියන්නට බැරි බව. එත් දැන් තිබෙන තත්වය එක්ක අවිනිශ්චිත බව තීව්‍ර වෙලා තියෙනවා කියන එකයි මගේ හැගීම. මරණයට බය වෙන්න දෙයක් නෑ.මරණයට බය වෙන්න ඕනෙ පවෙහි ගැලී හිටපු උන් සහ අවබෝධයක් නැති උන්. තමන් මේ ලෝකෙට ආව යුතුකම් කොටස හරි ආකාරව නිම කරානම් ඔබේ මරණයත් ඉන් එපිට නිර්වාණ මාර්ගයත් හරිලේසියෙන් දකින්නට පුලුවන්. මොකද්ද මම කීප සැරයක්ම කිව්ව මේ යුතුකම? මම පෞද්ගලිකව විශ්වාස කරන සහ දැනගත් බොහෝ කරුණු විශ්ලේෂණය කිරීමෙන් තේරුම් ගත්ත ප්‍රධාන කාරණාවක් තමයි ඔබ සිංහලයෙක් වෙන්නත් සිංහල බෞද්ධයෙක් වෙන්නත් මහා ගැඹුරු හේතුවක් තියෙනවා. ඔයා සිංහලයෙක් විදියට මේ සිංහල දීපයේ උපදින්නෙ මහා වගකීම් කොටසක් කරමත දරාගෙන. ඔබට ඒ වගකීම් වලින් ගැලවෙන්නට බෑ.හැබැයි ඔබට ඒවා මගහැර ඔබ මෙතෙක් හිටියා වගේම ඉන්න පුලුවන්. එහෙම කලොත් ඔබ නියම සිංහලයෙක් කියන එක අර මම කලින් කිව්ව වගේ නමට විතරක් තියාගන්න පුලුවන්. ඔයාට ආඩම්බර වෙන්න කිසිම විදියක් නෑ ඔයා වගකීම් පැහැර හැරල නිසා.මොනවද මේ කියන වගකීම්? ඔයා නියම සිංහලයෙක් නම් ඔයා නියම බෞද්ධයෙක්.ඒක අවිවාදයෙන් කියන්න ඕනෙ. එහෙනම් ඔයා සිංහලයෙක් විදියට ඔයාගෙ පලමු වගකීම තමයි අපෙ සම්මා සම්බුදුරජානන් වහන්සේ දේශනා කල වදාල නිර්මල බුද්ධ දර්ශනය රැකීම. අද වෙනකොට එකඑක මෝස්තර වලට වගේම විවිධ නිකාය ඔස්සේ නොයෙකුත් පැති වලට අරගෙන ගිහින් තියෙනවා. හොදින් මතක තියාගන්න නිර්මල බුද්ධ දර්ශනය මතු කර එය රැක ගැනීම ඔබේ යුතුකමක්. ඒ ඔබ සිංහලයෙක් නිසා. ඊලගට ඔයාට රකින්නට රටක් තියෙනවා. ඒක මේ පින්බිම. මේක ඔයාගෙ මගේ රට.මේක අයිති අපිට.අපි නැතුව මේක රකින්න කෙනෙක් නෑ.පරයො වත් පරගැත්තො වත් මේ රට රකින්නෙ නෑ. උන් මේකෙ සම්පත් හූරන් කාලා විනාස කරල යයි.ඊට පස්සෙ මේ රටට මොකද වෙන්නෙ? පරයන් මේක පාලනය කරන්න අරන් මේ පින්බිම විනාස කරයි.කැමතිනම් එහෙම වෙනකන් උඩ බලන් ඉන්න. ඔයා නියම සිංහලයෙක් නම් ඔයාට එහෙම ඉන්න බැහැ. ඔබ බෞද්ධයෙක්. නමට නෙමෙයි ඇත්තටම. එහෙම ඔයා හිතනවනම් මුලින්ම අපි බොදු පිලිවෙත් වලට හැඩගැහෙමු. පලමු අදියරක් ලෙස බුදුන් වැද පිරිත් සජ්ජායනය දෛනික කාර්යයක් කරගමු. ඇත්තටම පිරිත් කියන්නෙ ඖෂධ. පිරිත් සජ්ජායනය තුලින් ඉමහත් ගුණ ලබාගන්න පුලුවන්. පිරිත් වලින් ගොඩනැගෙන ශබ්ද තරංග මගින් සහනයන් රැසක් සලසා ගන්න පුලුවන්.බෙහෙත් අපි ලග තියාගෙන අපි ගොඩක් විදවනවා නේද? මම පෞද්ගලිකවම අත්විදපු දෙයක් මේක. නූතනයේ භාවිත වෙන පොසිට්ව් තින්කින් එහෙම නැත්තම් ධනාත්මක චින්තනය කියන දේ අපිට පිරිත් මගින් ලැබෙන ධනාත්මක කිරණ ඔස්සේ ලැබෙනවා. පරයන්ගෙ බාසාවෙන් ඒ විදියට කිව්වාම නම් ඔබට අත්හදා බලන්න හිතෙන්න ඇති ඒත් අපෙ බුදු හාමුදුරුවෝ අවුරුදු දහස් ගණනකට කලින් දේශනා කරපුවා අගයක් නෑනෙ. දැන්වත් හිතන විදිය වෙනස් කරගමු.බොදු පිලිවෙත් සමග ජීවිතය ගෙවමු.මේ ව්‍යවසන වලින් ඔයාට ගැලවීමට මෙන්ම ජීවිතයේ සහනය සහ අවබෝධය තුලින් සසර මග කෙලවරට ඔබට ඉඩ ලැබෙනවා.එවිට ඔබ තුල හටගන්නා ධන කිරණ සහ මෛත්‍රී සිතුවිලි විශ්ව ශක්තිය තුලින් උකහාගෙන මාර බලය සංසිදීම පිණිස උපකාරී වනු ඇත. ඒ ඔබ කියන එක පුද්ගලයෙක්ගෙ බලපැමක්.හිතන්න ඒ වගේ තව සිය දහස් ගණනක් එකතු වුනොත් කොච්චර ලොකු වෙනසක් වෙයිද? ඒ වගේම හිතන්න අපේ රටේ තියෙන ගොඩක් ප්‍රශ්න වලටත් විසදුම් ලැබෙයි නේද? ස්වභාව ධර්මයට ආදරේ කරන හික්මීමක් ඇති පිරිසක් ඉතිරි වුනාම කොච්චර ලොකු වෙනසක් වෙයිද? එනිසා අපි පලමු පියවර පටන් ගමු.මුලින්ම පිලිවෙත් පුරන නියම බෞද්ධයෙක් වෙමු.ආමිස පූජාවෙන් පටන් අරන් ප්‍රතිපත්ති පූජාව වෙත එලබෙමු.මේ කිසිම දෙයක් අමාරු දේවල් නෙමෙයි.හැමවිටම සුබවාදී හා මෛත්‍රී සිතුවිලි වලින් සිත පුරවාගමු. අධිශ්ඨානය මූලික කරගෙන මේ ගමන යමු.රාත්‍රී නින්දට පලමු බුදු ගුණ සිහිකර අධිශ්ඨාන කරමු නිර්මල බුද්ධ ශාසනයත් මේ උතුම් සිංහල ද්වීපයත් සිංහල ජාතියත් සුරැකේවා කියලා.අපේ මේ අධිශ්ඨානයන් එකට එකතු වුනාම මහා ලොකු බලයක් ගොඩනැගෙනවා නිසැකයි.ඔයා විශ්වයට මුදා හැරපු ඒ සිතුවිලි බලයෙන් මේ සිංහල රට ජාතියට සහ නිර්මල බුදු සසුනට එලබෙන බාධාවන් වැලකේවි. නියම සිංහල බෞද්ධයෙක් විදියට අපි මේ යුද්ධය කරමු. අවිහිංසාව මුල්කරගෙන අපි හැම දේටම මුහුණ දෙමු.
ඒවගේම තමයි නුවණින් විමසුවොත් ඇත්තටම අපිට මොනවද අඩු?හැම සම්පතක්ම මේ රටේම තිබිලත් අපි නිසි කලමනාකරණයකින් තොරව මේ කරන විනාසයෙන් මේ රට ඉතුරු වෙන එකක් නෑ නේද? අපි රට රකින්නනම් ප්‍රධානව පරිසරයත් රකින්න ඕනෙ.මේ සුන්දර දිවයින විනාස කරන පාලකයින්ට බැන බැන හිටියම හැමදේම හරියන්නෙ නැහැනෙ.උන්ව පත් කරගත්තෙත් අපිම නේද? පටු වාසි තකා රට ගැන තීරණ ගැනීම දැන්වත් නවතමු.මම බොහොම පැහැදිලිව කියනවා මම කිසිම පැත්තකට බරව මේක ලියන්නෙ නැහැ.මට කිසිම පෞද්ගලික වාසියක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ.හුදෙක් රට ජාතිය ගැන පිරිසිදු හැගීමෙන් මේක ලියන්නෙ. මේ ලස්සන රට රැක ගමු. කොන්ක්‍රීට් වනාන්තරක් වෙන්නට නොදී පරිසරය සුරකිමු.අපේ පැරැන්නෝ ගස් නොකපා සිටියේ නැහැ.ඒත් එයාලා අවශ්‍යතා වලට පමනයි ගස් කැපුවෙ.මෙහෙම වනසංහාර කරේ නැහැ.එක ගහක් කැපුවොත් තව ගස් ගණනාවක් හිටෙව්වා ඒවා හැදෙන්නට ඉඩදුන්නා.මෙහෙම වනාන්තර පිටින් සුද්ධ කරල විනාස කරේ නැහැ.හිතල බලන්න මේ විනාසයන්ගෙ අන්තිම ප්‍රතිඵලය මොකද්ද කියල.අපි දැන දැනම ඔහේ වෙනකන් බලන් ඉන්නවා නේද? ඉස්සර කපන්නවත් තහනම් වුන ඉතා හොද පාරිසරික ජල පෝෂක වුන මී ගස් දැන් තියෙනවද ඉස්සර වගේ? ඔයාට පැහැදිලිවම දැනි දැනි උෂ්ණත්වය ඉහල යනවා නේද? මේවා ඔබට ගානක් නැද්ද? ඇහැකන පියන් සිටීමෙන් මේ කිසිම දෙයකට විසදුමක් ලැබෙන්නෙ නෑනෙ. තවත් දෙයක්, අපෙ සම්මා සම්බුදුරජානන් වහන්සේ උපදින්නෙ සහ පිරිණිවන සිදුවන්නෙ සල් උයන් වල.මේවා අහබු සිදුවීම්ද? බුදු කෙනෙක් උපදින්නෙ සහ සෑම දෙයකම සිදුවන්නේ සැලසුමක් අනුව.එහෙම බලද්දි ඒක අහම්බයක් නෙමෙයි ඇත්තටම එහෙම සල් උයන් අපෙ බුදු හාමුදුරුවෝ තෝරාගන්නේ විශේෂ හෙතුවකට එනම් සල් ගස් වල තියෙනවා අහිතකර කිරණ අවශෝෂණය කරගෙන සහ විෂභීජ නැසීමේ ගුණයක්. උන්වහන්සේ උපදින්නෙ සල් උයනක ඒ කියන්නෙ සුපිරිසිදු ස්ථානයක.පිරිණිවනද එසේමයි. ඒ වගේමයි එකල මහමෙව්නාවත් සල් උයනක්. ශ්‍රීමහා බෝධීන් වහන්සේගෙ ආරක්ෂාව සැලසුනේ එහෙමයි.උන්වහන්සේට වැටෙන අහිතකර සහ කලු කිරණ අවශෝෂණය කර උන්වහන්සේට පිරිසිදු හුස්ම ලැබුනෙ එහෙම. අද කෝ සල් ගස්? අඩු තරමෙ පන්සලක සල් ගහක් තියෙන්නෙත් කලාතුරකින්.ඒ වෙනුවට දේවාල ටිකයි කොන්ක්‍රීට් ගොඩනැගිලි ටිකයි නම් තියෙනවා.බෝධීන් වහන්සේලා වටා කොතරම් අහිතකර කිරණ වලින් බලපෑම් ඇතිද?
උන්වහන්සේලා වටා දේවාල හදාගෙන අමනුස්ස කොට්ඨාස වට කරල තියෙනවා මිසක් නියම පිරිසිදු වටපිටාවක් තියෙනවද කියල හිතල බලන්න. ඔබට හැකිනම් ගමේ පන්සල් වත්තේ සල් ගස් රෝපණය කරන්න.නැතිනම් ඉඩ තිබෙන තැන්වල රෝපණය කරන්න.ඔයා නොහිතුවාට ඒකෙන් වෙන සේවය කියා නිම කරන්න බෑ. මේවා පින් බැංකු කියලම හිතාගන්න.අනාගත පරපුර විදින පිරිසිදු හුස්ම පොදක් ගානෙ, ඒ ගස් වල මල් බුදුන් පුදන වාරයක් ගානෙ , සල් විතරක් නෙමෙයි මොන ගහක් වුනත් ඒවයෙ ඵල භුක්ති විදින වාරයක් පාසා ඔයාට නිතැතින්ම ඒ පින් ලැබෙනවා.ඒකයි මම ඒවා පින් බැංකු කිව්වෙ. අනේ අපිට දන් දෙන්න සල්ලි නෑ කියල නහයෙන් අඩනවට වඩා මෙහෙම ආයෝජනයක් කරන එක හොදයි නේද? මගෙ ගෝතම බුදු හාමුදුරුවෝ සිරිපතුල තියපු රටක් මේක.මේ දේවල් රකින එක අපේ යුතුකම. මගෙ මෛත්‍රී බෝසතානන් වහන්සේ අනාගතයේදී බුදු වෙලා උන්වහන්සේගේ සිරිපතුල තියන රටක් මේක. දැනටත් ඒ සදහා හැමදේම සකස් වෙමින් පවතිනවා.මේ මොහොත වෙද්දිත් සැලසුම් සකස් වෙලා අවසන්.ස්වභාව ධර්මයටම හැමදේම සුද්ධ කරගන්න නොදී අපිත් මේ දේවල් වලට උපකාර කරන්න ඕනෙ නේද? එහෙම නොකරොත් උබලගෙ සිංහල කමෙන් වැඩක් තියෙයිද? ඔබ දැන් කොහොම තත්වෙක හිටියත් ඉදිරියට වෙනස් වෙමු.වැරදි ඕන කෙනෙක් අතින් වෙනවා ඒත් ඒ දේවල් තමන්ටම පාඩුවක් කර නොගෙන ඉදිරිය වෙනුවෙන් සමගිව එක්වෙමු.තමන්ගෙ යුතුකම ඉටු කරමු.
කියන්න ගොඩක් දේවල් තියෙනවා ඒත් ඉදිරියේදී ඒ දේවලුත් කතා කරන්න බලාපොරොත්තුවක් තියන් මම මෙතනින් නවතින්නම්.මට කිසිම විදියකින් ජනප්‍රියත්වක්වත් පෞද්ගලික වාසියක්වත් අවශ්‍ය නැහැ එනිසා මම මේ ලිපි නිර්නාමිකව පල කරනවා.ඔබට මේ ලිපි වලින් ගන්න දෙයක් තියෙනව කියල හිතුනොත් ඒ දේවල් එකතු කරගන්න.වැඩක් නැතිනම් අතහරින්න.මම මගේ යුතුකමක් විදියට දැකල මේ දේවල් කරනවා.තව එක්කෙනෙක් හරි මේ වෙනුවෙන් අලුතෙන් එකතු වුනොත් එය මගේ යුතුකම මම ඉටුකලා හා සමානයි.නම නැති වුනත් මගෙන් වියයුතු දේ වුනා කියල හිතේ සැනසීමකින් මේ කෙටිකලීන අම්බලමෙන් ගමන යන්න පුලුවන් කියල හිතට දැනෙවි.එහෙනම් ඉදිරි ලිපියකින් හමුවෙමු.උබලා හැමෝටම උතුම් නිදුක් නිරෝගීභාවය ලැබේවා. මෙ ලිපියෙන් යම් පිනකට හේතු පාදකයක් වන්නෙද, ඒ පින් ඔබ සියලු දෙනාටම අනුමෝදන් වේවා.ඒ වගේම ඒ පින්වල බලෙන් උතුම් නිර්මල බුදු සසුනත් සිංහල ජාතියත් මේ සිංහල දේශයත් සුරැකේවා.උබලට තෙරුවන් සරණයි!!!
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment